Monday, February 4, 2013

ස්වයංජාත | Swayanjatha

පබිලිනාහාමි නම් වූ කාන්තාව හට දරුවෙකු නොමැති කමින් දින දින ශෝකයෙන් පසුවෙන්නට විය. පසුව ඈ ගමේ පංසලේ විසූ යක්කුටිගල නාහිමියන්ගෙන් ප්‍රතිකාර ගැනීම සදහා යන්නීය. ප්‍රතිකාර වලට පසුව ඈ දරුවෙක් ලබන්නීය.

නමුත් මෙම දරුවා පිය පාර්ශවයේ හෝ මව් පාර්ශවයේ රූප ලක්ෂණ සහිතව උපත ලැබූ අයෙක් නොවීයෑ.  එම දරුවා යක්කුටිගල හිමියන්ගේ රුව සහිතව උපන්නෙකි. මෙම දරුවාට හිමියන්ගේ හැඩහුරුකම ලැබුනේ කෙසේද යන්න දැන ගැනීමට අවශ්‍ය නම් මෙම කෘතිය කියවිය යුතු මය.

ග්‍රන්ථ නාමය - ස්වයංජාත
ලේඛකයා - සමරවීර විජයසිංහ
පිටු -  273ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN 978-955-656-052-7

 පොතේ කවරය 

පහතින් දැක්වෙන්නේ මෙම පොතේ පිටකවරයෙන් ගත් උපුටනයකි.

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද ?

එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?

මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු අවශ්‍ය නම් ස්වයංජාති කෘතිය කියවන්න.

මෙම කෘතිය, 2008 වර්ශයේ හොඳම කෘතිය සඳහා වන ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වී ඇත.
මෙම පොත, සූර්ය ප්‍රකාශනයකි.

කන්දක් සේමා | Kandak Sema

කන්දක් සේමා කෘතිය ජනප්‍රිය ලේඛක සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ නිර්මාණයකි.

ග්‍රන්ථ නාමය - කන්දක් සේමා
ලේඛකයා -  සුමිත්‍රා රාහුබද්ධ
පිටු - 270ක්
ග්‍රන්ථ අංකය -  ISBN 978-955-1470-19-7

පොතේ පිටකවරය

නූපා නම් වූ කාන්තාවක් වටා මෙම කතා වස්තුව ගෙතේ. එලෙසම කාන්තාවක් වශයෙන් විඳින්නට සිදු වන විවිධ දුක් ගැහැට මනාව මෙම කෘතිය තුල චිත්‍රණය කර ඇත. මා කියනවාට වඩා කතුවරියගේ වදන් වලින්ම මේ ගැන විමසා බැලීම වටී. පහතින් දැක්වෙන්නේ එම කෘතියේ පිටකවරයෙන් ගත් උපුටනයකි.


නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපෙන අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගේ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපව ජපානයට පිටුවහල් කරනවා.

නූපා නීගතාවේ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.සිමිකාවා පරම්පරාවේ මළවුන් ඇවිත්,ලංකාවෙන් ආව ඥාතිය ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදල දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

මෙම කෘතිය සඳහා 2010 වසරේදි සියළුම සමානයන්ට පාත්‍ර වී ඇත. එනම්,

ස්වර්ණ පුස්තක සම්මානය 2010
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය 2010
ගොඩගේ සාහිත්‍යය සම්මානය 2010
රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2010
අළුත් පියාපත් සම්මානය 2010

යන සම්මාන සියල්ලම මෙම කෘතිය අත් පත් කරගෙන ඇත.

මෙම කෘතිය,
Platform for Alternate Culture
96/37A, කොට්ටනුවත්ත පාර, නුගේගොඩ ආයතනයේ ප්‍රකාශනයක්.