Monday, February 4, 2013

ස්වයංජාත | Swayanjatha

පබිලිනාහාමි නම් වූ කාන්තාව හට දරුවෙකු නොමැති කමින් දින දින ශෝකයෙන් පසුවෙන්නට විය. පසුව ඈ ගමේ පංසලේ විසූ යක්කුටිගල නාහිමියන්ගෙන් ප්‍රතිකාර ගැනීම සදහා යන්නීය. ප්‍රතිකාර වලට පසුව ඈ දරුවෙක් ලබන්නීය.

නමුත් මෙම දරුවා පිය පාර්ශවයේ හෝ මව් පාර්ශවයේ රූප ලක්ෂණ සහිතව උපත ලැබූ අයෙක් නොවීයෑ.  එම දරුවා යක්කුටිගල හිමියන්ගේ රුව සහිතව උපන්නෙකි. මෙම දරුවාට හිමියන්ගේ හැඩහුරුකම ලැබුනේ කෙසේද යන්න දැන ගැනීමට අවශ්‍ය නම් මෙම කෘතිය කියවිය යුතු මය.

ග්‍රන්ථ නාමය - ස්වයංජාත
ලේඛකයා - සමරවීර විජයසිංහ
පිටු -  273ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN 978-955-656-052-7

 පොතේ කවරය 

පහතින් දැක්වෙන්නේ මෙම පොතේ පිටකවරයෙන් ගත් උපුටනයකි.

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහුතුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද ?නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද ?

එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද ?

මේ ප්‍රශ්න සියල්ලටම පිලිතුරු අවශ්‍ය නම් ස්වයංජාති කෘතිය කියවන්න.

මෙම කෘතිය, 2008 වර්ශයේ හොඳම කෘතිය සඳහා වන ස්වර්ණ පුස්තක සම්මානයට පාත්‍ර වී ඇත.
මෙම පොත, සූර්ය ප්‍රකාශනයකි.

2 comments:

  1. මේ කාතාව ITN එකෙත් ගියා. ගොඩාක් ලස්සනයි කතාව. ඒකේ යක්කුටිගල හාමුදුරුවන්ට රඟපෑ ජගත් චමිලගේ රඟපෑම අතිවිශීෂ්ඨතම රගපෑමක් නමුත් ඔහුව හෝ මේ කතාන්දරය ටෙලි සම්මානයට පාත්‍ර නොවීමද විශේෂ‍ත්වයක්.

    ඇත්තෙන්ම මේ කතාන්දරය විශිෂ්ඨයි පොත කියවලා නොමැති වුනත් ‍පොත මීටත් වඩා කුහුල දනවන හොදම පොතක් වේවි යැයි සිතනවා. ස්තූතියි.

    ReplyDelete
  2. ටීවී එකේ දැක්කට පස්සේ මමත් පොත අරගෙන කියෙව්වා...මෑතකදී ලියවුන හොඳ නවකතාවක් ...තේමාවත් ටිකක් වෙනස් නේ ...

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?