Tuesday, July 23, 2013

සැන්දරසං ඇත්තෝ | Sandarasan Aththo

සැන්දරසං ඇත්තෝ නම් වූ මෙම පොත ගැන මා කියනවාට වඩා භද්‍රජි මහත්මයාගේම වචන වලින් අසා දැනගනිමු. මහතින් දක්වා ඇත්තේ එම පොතේ පසුපස කවරයේ සදහන් කතාවේ සාරාංශයයි.

ඒ කන්ද උඩරට දෙවන රාජසිංහ රජ සමයයි. දළඳා වඳින්නට ගිය මීගස්තැන්නේ වලව්වේ දියණිය වූ මේඛලා, රාජසිංහ රජුගේ නෙතට හසුවෙයි. ජෝන් සැන්ඩර්සන් නම් වූ රජුගේ සුදු සිරකරුවා පිළිබඳ වලව්වේ සේවිකාවක වූ සඳවතීගේ සිත තුළ අනුකම්පාවක් උපදී.

මේඛලා රජුගේ අන්තඃපුරයට යයි. සිය රාජකීයත්වයත්, රාජධානියත් ආරක්ෂා කර ගැනීම උදෙසා දැඩි නීති රීති යටතේ රට පාලනය කරන රජුට එරෙහිව දිසාවේවරු කැරැල්ලක් සංවිධානය කරති. සුදු ජාතික සිරකරුවාට අතඩංගුවෙන් පැන යාමට උදව් කරන්නේ සඳවතියි.

අසාර්ථක කැරැල්ලකින් පසු මේඛලා, රොඩී කුළයට පිටුවහල් කරයි. මේ සියළු සිදුවීම් කේන්ද්‍ර කොට ගනිමින් "සැන්දරසං ඇත්තෝ" වෘතාන්තය දිග හැරේ. 

ඉහතින් දක්වා ඇත්තේ පොතේ පසු කවරයෙන් උපුටා ගත් කොටසකි. මෙම පොත සැන්දරසං ඇත්තෝ නම් වී ඇත්තේ ජෝන් සැන්ඩර්සන් යන නම ලාංකිකයෝ උසුරුවන ආකාරය නිසා විය යුතු ය.

ග්‍රන්ථ නාමය - සැන්දරසං ඇත්තෝ
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  259ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8733-50-4
ප්‍රකාශකයෝ - ස්ටැම්ෆර්ඩ් ලේක් ප්‍රකාශණයකි.



උඩරට සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර ගැන ද මෙම පොතෙන් යම් පමණට සාකච්ඡා කෙරේ. එසේම මෙම පොත 1997 වසරේ දී සිළුමිණ පුවත්පතේ කොටස් වශයෙන් පල වූ නව කතාවකි.

4 comments:

  1. ඔය කතාව සිළුමිණ පත්තරේ ගිහිපු කාලෙ මම හැමදාම කියෙව්වා. හැම සතියෙම ලස්සන චිත්‍රයක් එක්ක පත්තර පිටු තුන්කාලක් විතර කතාව තිබ්බා. ඒ පත්තර පිටු ටිකත් එකතු කරලා තිබුනා ඒ දවස්වල, දැන්නම් කොහෙද මන්දා.

    මම හිතන්නෙ ප්‍රධාන වශයෙන් රොබර්ට් නෝක්ස්ගෙ පොත ඇසුරු කරන් ලියපු කතාවක් වෙන්න ඕන. අර උසස් කුලේක ඉඳල දඬුවමක් විදියට රොඩී රැහැකට පිටුවහල් කරන හැටි ගැන හොඳ විස්තරයක් තිබුනා මතක හැටියට ආර් එල් ස්පිට්ල් මහත්තයගෙ සුදු වැද්දා පොතේද කොහෙද. පිටුවහල් කරන තැනැත්තාට බුලත් කාලා බුලත්කෙළ ගහන සීන් එකකුත් තිබුන වගේ මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔන්න ආයෙමත් භද්‍රජිගේ කතාවක් සිළුමිණ පත්තරේ යනවාලු.
      ලඟදිම බලාගන්ඩ පුලුවන් වෙයි. තාම දිනේ නම් දන්නේ නෑ

      Delete
    2. අපොයි .... අවුල තියෙන්නෙ අපේ ගෙදරට දැන් සිළුමිණ ගන්නෙ නෑ. කොටින්ම සිළුමිණක් බලපු කාලයක් මතක නෑ.

      Delete
    3. කියන්න බැරිඋනා, ඔය සැන්දරසං ඇත්තො කතාව සිළුමිණේ ගියේ මතක හැටියට 98 විතර. ඒ කාලෙන් පස්සෙ ඔය පත්තරේ ගැනිල්ල නැවතුනා.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?