Tuesday, September 3, 2013

2013 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයට පෙර | Before the Swarna Pusthaka Award

මේ සැප්තැම්බර් මාසයයි !

සැප්තැම්බර් මාසය කිව්වහම පොත් කියවන අපිට මුලින්ම මතක් වෙන්නේ සාහිත්‍යය මාසය කියලා.ඊට පස්සේ මතක් වෙන්නේ කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය ! ඊට පස්සේ මතක් වෙන්නේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් පොත් ප්‍රදර්ශනයට සමගාමිව පවත්වන ස්වර්ණ පුස්තක සම්මාන උළෙල.

ඉතින් මෙදාපාරත් ස්වර්ණපුස්තක සම්මාන උළෙලේ අන්තිම වටයට පොත් පහක් තේරි පත්වෙලා තියෙනවා. මුලින්ම ඒ ටික කියලා ඉන්නම්කෝ.

1. අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ (ෆ්ලැට්ෆෝම් ෆෝ ඕල්ටර්නේටිව් කල්චර් ප්‍රකාශකයෝ)
2. කාල සර්ප - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශකයෝ)
3. කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග (කිංකිණි ප්‍රකාශකයෝ)
4. සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සන්ථව ප්‍රකාශකයෝ)
5. තැප්පා සේම ගිනි - සමරවීර විජයසිංහ (සූරිය ප්‍රකාශකයෝ)



ඔන්න ඔය පොත් ටික තමයි අන්තිම වටයට තේරීපත් වෙලා තියෙන්නේ.

ඔතන තියෙන ලිස්ට් එකෙන් මුල් පොත් දෙක ඇරෙන්න ඉතුරු පොත් තුන මම කියවලා තියෙනවා ඒ අතරින් නම් සෙංකොට්ටං පොත ගොඩක්ම හොඳයි. ඒ නිසා ඒ පොතට සම්මානය ලැබේවි කියලා හිතනවා.  ඒත් ෂුවර් නෑ. බලමු නෙහ් :)

හැබැයි තව දෙයක් තමා ස්වර්ණ පුස්තකේ ලැබුණා කියලා ඒ අවුරුද්දේ හොඳම පොත ඒකමයි කියලා කියන්න නම් අමාරුයි.  ඊට වඩා හොඳ පොත් තියෙන්න පුලුවන්. ඒ නිසා මේ රාමුවට කොටු වෙන්නේ නැතුව තමන්ගේ තේරීම් කරනවනම් තමා වඩාත්ම හොඳ.

මේ මාසේ ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 10 වෙනිදට තමයි සම්මාන උළෙල පවත්වන්නේ. අන්න එදාට අපි බලාගම්මු මොකද්ද 2013 වසරේ ප්‍රසස්ථ නවකතා කියලා. එතකන් බලාපොරොත්තු සහගතව ඉමු.

 එහෙනම් මං ගිහින් එන්නම් ! ජයවේවා !

1 comment:

  1. //හැබැයි තව දෙයක් තමා ස්වර්ණ පුස්තකේ ලැබුණා කියලා ඒ අවුරුද්දේ හොඳම පොත ඒකමයි කියලා කියන්න නම් අමාරුයි. ඊට වඩා හොඳ පොත් තියෙන්න පුලුවන්. ඒ නිසා මේ රාමුවට කොටු වෙන්නේ නැතුව තමන්ගේ තේරීම් කරනවනම් තමා වඩාත්ම හොඳ.//

    මම නම් කවදාවත් ඔය සම්මාන හම්බවෙන ඒවා ගැන වැඩි තැකීමක් කරන්නෙ නෑ. සම්මානෙ දීල ටික දවසක් යද්දි තමා ඇහෙන්නෙ හාහෝව. මම කොහොමටත් පොතක් ගනිද්දි අතරින් පතර පිටුපෙරලල කියවල මට හොඳයි කියල හිතුනොත් තමයි ගන්නෙ. ඒකට සම්මාන ලැබිලද නැත්ද කියන එක ගැන එතරම් වදවෙන්නෙ නෑ.

    කමක් නෑ, අපි බලමු නේද කාට ලැබෙයිද කියල.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?