Saturday, September 14, 2013

ස්වර්ණ පුස්තක සම්මානය 2013 | Swarna Pusthaka Award 2013

හැම අවුරුද්දකම වගේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමිව පවත්වන වසරේ ප්‍රසස්ථම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ මෙවර අන්තිම වටයට නිර්දේශිත පොත් 5ක් ගැන පසුගිය ලිපියක මා සඳහන් කලා මතකයි නේ.

එම පොත් පහෙන්ම ජයග්‍රාහි  පොත පසුගිය සැප්තැම්බර් 10 වෙනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදි ප්‍රකාශයට පත් කලා !

මෙවර ස්වර්ණ පුස්තක සම්මානයට හිමිකම් කියන්නේ  කීර්ති වැලිසරගේ විසින් රචිත "කාල සර්ප" නවකතාවයි !

කීර්ති වැලිසරගේ මහතාට මගේ උනුසුම් සුබ පැතුම් !

අවසන් වශයෙන් මා කියයුතු දෙයක් ඇත.එනම් මෙම සම්මාන උළෙලෙදි කාල සර්ප නවකතාවට සම්මානය හිමි වීම ගැන මගේ කිසිදු පැහැදීමක් නැත.මන්දයත් මේ පොත එතරම් සාර්ථක පොතක් ලෙස මා දකින්නේ නැත.

මීට වඩා සෙංකොට්ටං පොත හොඳ යැයි මගේ සිතුවිල්ලයි !

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?