Wednesday, October 23, 2013

රතුගලයායේ පොඩ්ඩා | Rathugalayaye Podda

රතුගල නම් වූ ගමක ජීවත් වන හේන් ගොවි පවුලක් වටා ගෙතී ඇති කතාවකි.

මේ ගමේ ජීවත් වූ හේන් ගොවියන්ගේ අස්වැන්න අඩු මුදලට මිලදී ගන්නා මුදලාලි කෙනෙකුට විරුද්ධව නැගී සිටින පොඩ්ඩා නම් කුඩා කොළු ගැටයෙක් පිළිබඳ ලියැවී ඇති සරල කතාවකි.

මෙම මුදලාලි මොවුන්ගෙන් අස්වැන්න කුණු කොල්ලෙට මිලදී ගන්නවා වගේම ඔවුන්ට සිල්ලර බඩු විකුණූ විට වැඩියෙන් ගනන් දමා ගසා කෑමක් සිදු කරයි. මේ ගසාකෑමට විරුද්ධව නැගි සිටියේ පොඩ්ඩා නම් වූ දහතුන් හැවිරිදි දරුවෙකි.

මේ ඔහුගේ කතාවයි.

මෙම පොත පෑ දෙක තුනක් තුල කියවා රසවිඳිය හැකි අනගි කෘතියකි. කුඩා ප්‍රමාණයේ කෘතියකි.ලොකු පොඩි කා හට උවත් එකසේ රසවිඳිය හැකි පොතකි.

මෙය ගුණසේකර ගුණසෝමගේ කෘතියක් වන අතර ගොඩගේ ප්‍රකාශනයකි.

ඔබ මෙම කෘතිය කියවා නොමැති නම් කියවා බලන්න.
ඔබේ දුවට පුතාට තිළිණ කිරීමට සුදුසු පොතකි.

Tuesday, October 22, 2013

තුම්මාසේ | Thummase

එකිනෙකට වෙනස් වූ කතා තුනක් එකම එක සිදුවීමක් වටා එකතු වීමක් සිදුවන වෙනස්ම විදිහක කතාවකි.

පලමු කතාව
ඉසබෙලා නම් වූ මහලු කාන්තාවක් වටා ගෙතී ඇත. ඈ ජීවත් වන පරිසරය, ඇගේ සුරතලුන් දෙදෙනාවූ "ඔරන්ජං" හා "සුදූ" නම් පූ පූසි පැටවු දෙදෙනාට ඈ තුල පවතින ආදරය ගැන ලියැවී ඇති කතාවකි. ඈ කාත් කවුරුවත් නැති තත්වයට පත්වීමට පෙර ඈට සේවියර් නම් වූ ස්වාමිපුරුෂයෙක් වූවාය. ඒ ඈ පාසල් වියේ සිටම ආදරය කළ පෙම්වතා ය.

දෙවෙනි කතාව
බානි නම් වූ මන්ද බුද්ධික තරුණයෙක් වටා ගෙතී ඇත. ඔහු උපතින්ම මන්ද බුද්ධික බාවයට පත්වූයේ මව් කුසේදී සිටින සමයේ තම මව විසින් ලබාගත් බෙහෙත් විස වීමකින් බව කියැවේ. බානි හා බෙන් මාමාගේ ආදරයත් බානි හා තම මෑණියන් වූ මිරාය අතර පවතින ආදරයත් මෙම කතාවෙන් විග්‍රහ කෙරේ.

තුන්වෙනි කතාව
ප්‍රභාත් හා සිය බිරිඳ වූ ගංගානි නම් වූ කාන්තාවක් වටා ගෙතී ඇත. මොවුන්ගේ එකම පුතා විදේශගතවී ඉගෙනුම ලබයි. ඒ සඳහා වියදම් වූ මුදල ඔහු ලබාගත්තේ තම වහනය ව්කිණීමෙන් ය.

මෙම කතා ත්‍රිත්වයම එක තැනකදී හමුවේ. ඒ මහරගම නගර මධ්‍යයේ සිදුවූ  රිය අනතුරකදී ය. මේ සිද්ධිය වන විය බානි දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ සිට නිවස බලා පැමිණෙමින් සිටි අතර ප්‍රභාත් ත්‍රිරෝද රථයකින් නිවස බාඅ එමින් සිටියේයා. ඉසබෙලා සුපුරුදු පරිදි මහරගම නගරයේ ඇවිදිමින් සිටියා ය.

මෙම කතාවේ පූර්වාපර සංධි ගැලපීමට ඔබට ඇරයුම් කරමි. කියැවා බලන්න.

මෙම කෘතිය භද්‍රජි මහින්ද ජයතිලකයන් රචනා කර ඇති අතර සරසවි ප්‍රකාශනයකි.
භද්‍රජි පාඨක ඔබ මෙම කෘතියද ඉතාමත් ආසාවකින් කියවනු ඇත.

බොල් පොලොව නිල් අහස | Bol Polowa Nil Ahasa

"පුතුන් හතර දෙනෙක් කියන්නේ හරියට ඇත්තු හතර දෙනෙක් වගෙ ! " මෙය ලොකු බණ්ඩේගේ පියා නිතරම වාගේ කියන්නකි. ලොකු බණ්ඩේගේ පියා හට පුත්තුම හතර දෙනෙක් විය. ලොකු එකා ලොකු බණ්ඩේ වන අතර දෙවැන්නා සියදෝරිස් වෙ. තුන්වෙන්නා රත්නපාල වන අතර හතරවැනියා ආරියසිරි වේ.

ලොකු බණ්ඩේගේ පියාගේ නම කිරිබිළින්දා වන අතර ඔහු අක්කරබාගේ ඉඩමේ හේන් ගොවිතැනෙන් ජීවත් වූ අයෙකි. ලොකු බණ්ඩේ හා ඔහුගේ බිරින්දෑ වන ඩිංගිරි මැණිකා සමග එකතු වී තම ලොකු පුතාවූ ලොකු බණ්ඩේට මනමාලියක් සෙව්වේය. එහෙත් ඒ කිසිවක් හරිගියේ නැත.

අවසානයේදි ඈ දෙවැන්නා වූ සියදෝරිස්ට මනමාලියක් බැලුවාය. අවසානයේදි ඔහු බිඟුනිකා නම් වූ රංවල ජීවත් වූ කාන්තාවක් හා විවහා විය. තම සහෝදරයා වූ සියදෝරිස් හා විසිමට බැරි තැන ලොකු බණ්ඩේ තම නිවස අතහැර වෙනත් ඉඩමක ගොවිතැන් කරමින් ජීවත් විය.

මෙලෙස ජීවත් වන ඔවුන්ට ජීවිතයේ විවිධ වූ හැල හැප්පීම් වලට මුහුණ පාන්නට සිදු වේ. ඒ සියල්ල දැන ගැනීමට නම් බොල් පොලොව නිල් අහස පොත කියවන්න.

එක හුස්මටම කියවිය හැකි කෘතියක් වන අතර 2013 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් පොත් දොලසට තේරි පත්වූ කෘතියකි.

මෙය රංජිත් ධර්මකීර්ති මහතාගේ කෘතියකි.
සඛිල ප්‍රකාශනයකි !
දිවයිනේ ඕනෑම සරසවි පොත් හලකින් වුවද මෙම පොත ලබා ගත හැක.

Thursday, October 17, 2013

ප්‍රේත වස්තුව | Pretha Wasthuwa

කීරාල මුදලාලි වියෝ වීමෙන් පසුවත් තමාට තම වස්තුව පිළිබඳ ආසාව අතහැර ගැනීමට බැරිවිය. මේ නිසා ඔහු ප්‍රේතයෙකු වී සිය නිවසේම රැඳෙන්නට විය. මුලදි මුලදි සිය බිරිඳ වූ සමදරාද බියෙන් සිටියත් පසුව ඈ තුල පැවති බිය පහවී ගියා ය.

කීරාල මුදලාලිගේ මරණින් පසු ඇගේ තනි නොතනියට සිටි තේගිරිස්ද ප්‍රේතයාට බියවී මේ නිවසද අතහැර තමන් සිටි තැනට ගියේය. තේගිරිස් ද තමාව අතහැර ගිය නිසා ඈ දුකෙන් කල් ගත කලාය. මුලදාලි ජීවතුන් අතර සිටි කාලයේදි මෙන් නොව ඇගේ අතමිට පවා හිඟවිය.

කන්නට යමක්වත් නොමැති විය. මෙය දුටු ප්‍රේතයා තබ සතයේ කාසි කිහිපයක් ඈට ලබාදීමට සැලැස්වීය. මීට අමතරව රුපියල් දෙකේ කොළයක්ද ඈට ලබාදුන්නේය. ප්‍රේතයන් ලබා දෙන දේ නොගන්නා ලෙසත් එසේ ගත හොත් ප්‍රේතයා හා සමඟ යාමට සිදුවන බවත් පැවසූ පිංචි උපාසකම්මා ඒ මුදලා පුලන්නෙකුට හෝ හිඟන්නෙකුට දෙනමෙන් සමදරාය පැවසුවාය.

ඈ ද ඒ මුදල හිඟන්නෙක්ට ලබාදුන්නාය. 

මින් ටික දවසකට පසු කීරාල මුදලාලිගේ මලයෙක් යැයි කියාගන්නා කෙනෙකු ඈ හා තනි නොතනියට සිටියේය. ඔහු හා එකතු වී නවතා දමා තිබූ කඩයද නැවත පටන්ගෙන එයින් ලැබෙන ආදයමෙන් ඔවුන් ජීවත් විය.
ඔවුන්ගේ ජීවිත වලට ඉන්පසු සිදුවන්නේ කුමක් ද ?

ඉහත ප්‍රශ්නයට පිලිතුර ප්‍රේත වස්තුව නම්වූ පොතේ ඇත. ඔබත් ප්‍රේත වස්තුව කියවන්න
 ප්‍රේත වස්තුව, සේපාලි මායාදුන්නේ මහත්මියගේ කෘතියකි.
ගොඩගේ ප්‍රකාශනයකි.

මෙම පොත 2013 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන වටයේ පොත් දොලසය තේරි පත්වූ කෘතියකි.

Tuesday, October 15, 2013

කාල සර්ප | Kala Sarpa

වසන්ත කුමාර නම් වූ තරුණයා ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දුන්නේය. පසුව ප්‍රථිපල බැලීමේදි ඔහු එම විභාගයෙන් ඉහලින්ම සමත් වී ඇති අතර ඔහුගේ මිතුරිය වූ චාරුණි විභාගයෙන් අසමත් විය. මේ නිසා ඈට දුකක් ඇති වූ අතර එම දුක මදක් හෝ තුනී වූයේ වසන්ත කුමාර ඈ හට ආදරය ප්‍රකාශ කිරීමත් සමගය.

ඉන් ටික කලකට පසු ඔහු නගරයේ පාසලකට ඇතුලු වූයේ ය. එහිදී ඔහු ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීය. එක් විශයයක් පමණක් සමත් වී ඉතුරු විශයයන් අසමත් වූ නිසාම ඔහු නැවත වරක්ක් කළා විශය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීය. මෙම අවස්ථාවේදි ඔහු සරසවි වරම් ලබන්නට තරම් වාසනාවන්ත විය.

මින් පසු ඔහුගේ ජීවිතයත් තම ආදරවන්තියගේ ජීවිතයත් කෙසේ වෙනස් වුනි ද ?

මේ ප්‍රශ්නයට පිලිතුරක් අවශ්‍ය නම් කාල සර්ප පොත කියවන්න.

මෙම පොත කීර්ති වැලිසරගේ මහත්මාගේ කෘතියක් වන අතර සරසවි ප්‍රකාශනයකි !

2013 වසරේ ප්‍රසස්ථම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් පවා පිදුම් ලබන්නට තරම් මෙම කෘතිය වාසනාවන්ත විය.

එහෙත් මාගේ පුද්ගලික අදහස වන්නේ මෙම කෘතිය සම්මානයකට බඳුන් වීමට තරම් සුදුසුකම් සපුරා නැති කතා තේමාවක් රැගත් කෘතියක් ලෙසය.  මෙම කෘතිය නවකතාවක් උවත් එය කෙටි කතා එකතුවකට සෑහෙන සමානකම් දක්වයි. එසේම කතාව කිසිදු සාර්ථකත්වයක් නොමැතිව ගලාගෙන යයි.

මා මෙම කෘතිය කියෙව්වේ ඉතාමත් අලස කමිනි.

ඒ මාගේ පුද්ගලික අදහසයි. සමහරවිට එය ඔබට කදිම නවකතාවක් වනු ඇත. 

Tuesday, October 8, 2013

මග දිගට ජනකතා | Maga Digata Janakatha

මගදිගට ජනකතා නම් වූ මෙම පොතේ අඩංගුව ඇත්තේ මහනුවර කේන්ද්‍ර කොටගත් විවිධ ගම්වල සිදුවී ඇති ජනකතා හා ජනප්‍රවාද වේ. ඒ අතරම විවිධ රජවරුන් හා සම්බන්ධ ජනකතාද ඒ අතර වේ. මෙමෙ කෘතිය ලිවු ඩී.පී. වික්‍රමසිංහයන් වෘත්තියෙන් ගුරුවරයෙකි.

ඔහු ඉගැන්වීම් කල කාලය තුලදී ඒ ඒ ගම් වල පවතින ජනකතා තම පොතක සටහන් කර ගැනීම පුරුද්දක් කොටගෙන සිටි අයෙකි. ඔහු ඒ කතා සටහන් කර ගත් අතර ඉතිහාස පොත පත ඇසුරු කොටගෙන ඒ ඒ කතාවට අදාල ඓතිහාසික තොරතුරුවල සත්‍ය අසත්‍ය තාවයද තහවුරු කිරීමද සිදු කලේය.

මේ නිසා ජනකතා වලට අමතරව ඉතිහාස කතා ද ඉගෙන ගත හැකි මාහැඟි  කෘතියකි.

එකිනෙකට වෙනස් ජනකතා 50කින් යුක්ත පොතකි මෙය.එසේම කිසිදු කම්මැලිකමකින් තොරව එක දිගට කියවාගෙන යා හැකි කෘතියක් බව මා පැවසිය යුතුමය.

මෙම පොත ඩී.පී. වික්‍රමසිංහ විසින් රචනා කර ඇති අතර සූරිය ප්‍රකාශනයකි !

ඔබ මෙම පොත කියවා නොමැති නම් කියවා බලන්න.


Thursday, October 3, 2013

ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටියි | Dracula Sohonen Nagitiy

පල්ලියේ සේවය සඳහා සිටි කොලුවා උදෑසනම පල්ලියේ සීනුව නාද කිරීම සඳහ පැමිණියේ ය. සීනුවේ ලනුව ඇද සීනුව නාද කරන විට තම අතට උනුසුම් රුධිර ධාරාවක් ගලා ආවේය. ඒ ක්ෂණයෙම ඔහු සීකු කූඩුවේ ඉහල බැලුවේය. එහෙත් ඔහුට කිසිවක් නොපෙනුන නිසා ඔහු සීනු කූඩුව මතට නැගීය.

එවිට දැක ගත හැකි වූයේ කාන්තා මල සිරුරකින් වෑහෙන රුධිරා ධාරාවක් ය. මේ දර්ශනය දුටු ඔහු බිය වී තමන්ට හැකි උපරිම වෙගයෙන් දිව්වේය.ඔහු මෙසේ දිව ගියේ ගමේ තිබු තැබෑරුම වෙතට ය. තැබෑරුමට රිංගා ගත් පසු ඔහු සිහි විකල් විය. එහි සිටි අය ඔහුට බ්‍රැන්ඩි ස්වල්පයක් බීමට දී සිහිය ගත්තද ඔහුට හරි හැටි කතා කරගන්නට නොහැකි විය.

මේ තැබෑරුම තුල පල්ලියේ පූජක තැන වූ ජුවන් ද සිටියේය.පසුව ඔහුද පල්ලියට පැමිණ සීනු කූඩුව පරික්ෂා කලේය. ඔහුටද කාන්තා මල සිරුර දැකගත හැකි විය. ඔහුද බිය වී පල්ලියෙන් පිටවී ගියේය.

පසු දිනක පල්ලියේ කටයුතු සොයා බැලීම සඳහා අර්නස්ට් පියතුමා මෙම පල්ලිය වෙතට පැමිනෙයි. දිනෙන් දින වල් වැවී ඇති පල්ලිය දුටු අර්නස්ට් පියතුමාගේ කෝපය ඉහවහා යයි. ඔහු වහාම ජුවන් පියතුමා සොයා යයි.

ඉන්පසුව සිදු වන්නේ කුමක් ද ?

ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටියි. කියවන්න. මෙය Dracula has risen from the grave නම් ත්‍රාසජනක චිත්‍රපටිය ඇසුරු කරගෙන ජයශංඛ කරුණාරත්නයන් විසින් රචිත කෘතියකි.


ත්‍රාසය භීතිය හා කුතුහලය නො අඩුවම ගැබ් වී ඇති එක හුස්මටම කියවාගෙන යා හැකි අගනා කෘතියකි.

මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි !