Sunday, May 30, 2021

රහස් පොලිස් | Rahas Police

 සුප්‍රසිද්ධ විද්‍යාඥයෙකු මරා දමා රජයේ රහස් ලිපිගොනු සමූහයක් පැහැර ගත් රහස් ඔත්තු සංවිධානයක බිහිසුණු ත්‍රස්තවාදී කල්ලියක් පසුපස ලුහුබැඳ යන secret service විශේෂ රහස් පරීක්ෂණ ආයතනයේ අති දක්ෂ ඔත්තු කාරයෙකු වූ රොජර් වෙස්ට්ට බිහිසුණු අත්දැකීම් රාශියකට මුහුණ දීමට සිදුවේ.

 තම රට වෙනුවෙන් ජීවිතය පරදුවට තබා සටන් වදින්න ශූර ඔත්තුකාරයෙක් වටා ගෙතී ඇති "රහස් පොලිස්" නවකතාව ත්‍රාසය භීතිය සහ කුතුහලය එකට කැටි කළ රසවත් කතාවකි.

මෙය විශේෂයෙන්ම දුර්වල සිත් ඇත්තන් සඳහා නොව සූර වීරකම් හා ත්‍රාසය කිය කරනු යොවුන් පරපුර සඳහා පමණක් තියෙන පොතක් බව සලකන්න. 


 ඉහතින් සඳහන් කර ඇත්තේ අහස් පොලිස් නවකතාවෙන් උපුටා ගන්නා ලද කොටසකි.



රහස් පොලිස්
චන්ද්‍රසේන ද සිල්වා
ත්‍රාස ප්‍රකාශනයක්

Saturday, May 29, 2021

මාරකඩ අබිරහස | Marakada Abhirahasa

 ඉන්ස්පැක්ටර් රොමේෂ්ගෙ තවත් වික්‍රමයක් මාරකඩ අබිරහස !

මෙම කෘතිය ද අනුර දිසානායකයන් විසින් රචනා කරන ලද තවත් එක් රහස් පරීක්ෂක කතාවක එසේම එි එසේම එක හුස්මටම කියවාගෙන යා හැකි පරිදි මෙම කෘතිය රචනා කර ඇත මෙම කෘතියේ වාග් වින්‍යාසය ඉතා සරලය.  සුගමය.

ඉන්ස්පැක්ටර් රොමේෂ් කියූ එම ප්‍රකාශය ගැන මැදගම පුදුම විය. තමා මොනිකා සමග කතාබස් කර පැමිණිය ද එම ලියුම ගැන මෙවන් විස්තරයක් ඔහුට දැන ගැනීමට නොහැකි විය. එහෙත් තමා ඉන්ස්පැක්ටර් රොමේෂ් වෙත ලබා දුන් මොනිකාගේ දුරකතන ඇමතුම් අංකය තුළින් ඔහු ඒ සියලු දේ දැනගෙන ඇත සත්‍ය වශයෙන්ම ඉන්ස්පැක්ටර්  රොමේෂ් යනු දක්ෂ රහස් පරීක්ෂකවරයෙක් ඔහුගේ උපදෙස් අනුව මිස මෙම මිනීමැරුම පිළිබඳව පරීක්ෂණ කිසිසේත් කළ නොහැකි බව මැදගම ට අවබෝධ විය



මාරකඩ  අබිරහස
 ඩී එම් අනුර දිසානායක
සුසර ප්‍රකාශනයක්

පාලංකඩ | Palankada

 කසුන් වන්නිආරච්චි විවහා වන්නේ අවන්ති බෙනරගම සමග ය. කසුන් කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එකම පුතා ය. ඔහු අවන්තිව කසාද බඳින්නේ අවන්ති ඒ වන විට උපාධිධාරිනියක වීම නිසා ය.

ඒ දෙපල විවහා වී මසක් ගත වන විට විනෝද චාරිකාවක් සඳහා බදුල්ලට දුම් රියෙන් ගමන් කරයි.

බදුල්ලෙන් බසින මේ දෙපලව කිසියම් අයෙකු විසින් පහැරගෙන රඳවා තමා ගනී.

ඒ කවුන් විය හැකි ද ? එසේ කිරීමට හේතුව කුමක් ද ?

 පහතින් දක්වා ඇත්තේ පාලංකඩ කෘතියෙන්   උපුටා ගත් කොටසකි.

 'මොකක්ද සාජන්ට් මහත්තයා ? මම ඕන උදව්වක් කරන්නම්.
මගේ ෆෝන් එක හොයලා දුන්නේ පොලිසියෙන්. ඒවගේම මගේ
කාර් එක හොයලා දුන්නෙත් පොලිසියෙන්. '

' ඔය ෆෝන් එකයි කාර් එකයි හොරකම් කළේ හරියටම කවද්ද? '

'අප්‍රියෙල් 23 වෙනිදා'

'23 වෙනිදා කීයට විතර ද ?'

 'ඩ්‍රැයිවර් කිව්ව විදිහට නම් 23 වෙනිදා රෑ  දහය හමාරට විතර.'

'23 වෙනිදා රෑ හමාර වෙනකන් ගත්ත කෝල් හෝ ලැබුණ
කෝල් සියල්ලම ජයන්ත මහත්තයා සම්බන්ධ. කෝල් මම කියන එක හරිද ?'

'හරි සාජන්ට් මහත්තයා'

 


 පාලංකඩ
 ඩී එම් අනුර දිසානායක
මියුසස්  ප්‍රකාශනයක්
මිල රුපියල් 750/=

Monday, May 24, 2021

සඳ මම නම් | Sanda Mama Nam

 සඳලි, හිරණ්‍යා සහ තාරුකා යන තිදෙනා එකම පවුලේ සහෝදරියන් තිදෙනෙකි. ඔවූහු සතුටින් කාලය ගත කලහ. මෙසේ කල් ගත වන විට සිය පියාගේ නැගණිය දරුවකු සමඟ මේ නිවසට ආවා ය.

ඈ තම සහෝදරයා ඉදිරියේ හඬා වැලපී තමාව සහෝදරියක ලෙස පිළි ගන්න යැයි ඉල්ලා සිටියා ය. පසුව ඔහුද ඈගේ එම ඉල්ලීමට අනුව සහෝදරියක ලෙස ඈව පිලිගත්තේ ය.

කල් ගත වන විට සිය සහෝදරියගේ පුතා වන කමලසිරි, සඳලි කෙරෙහි ඒක පාර්ශ්වික ආදරයක් ඇති කර ගත්තේ ය.

ඔහු මේ බව සඳලිට කියා සිටිය ද සඳලිගෙන් සුබදායි ප්‍රතිචාරයක් නොලැඹිණි.

කලක් ගත වන විට කුසුම්සිරි අතින් සඳලි දූශණයට ලක් විය. එපමණක් නොව කුසුම්සිරි ට දාව සඳලි ගැබ් ගත්තා ය.

එය සිදු වූයේ කෙසේ ද ? ඉන්පසුව ඔවුන්ගේ ජීවිත කෙසේ නම් ගලාගෙන යා ද ? කියවන්න "සඳ මම නම්"



සඳ මම නම්
ප්‍රියංකා අමරතුංග

Sunday, May 23, 2021

බකිනි මල | Bakini Mala

 හින්නි හාමිගේ පවුලේ සියේ සිය පුතා වන ආරියදාසත් දුවණිව වන සිරියාවතීත් පමණි. සිය එවාමි පුරුෂයාගේ වියෝවෙන් පසුව හින්නි හාමිගේ හිස මත පැටවී තිබුණු ලොකුම බර වූයේ සිය දරුවන් දෙදෙනාගේ විවාහයන් සිදුකර දීම ය.

ඈ ඒ වෙනුවෙන් නොසෑහෙන්න වෙහෙසුනා ය.

රතු මහත්තයා විසින් කතා කරන ලද විවහා යෝජනාවකට කැමති වූ සිරියලතා ටික කලකින් දීග ගියා ය. ඒ තමා පදිංචි ගමෙන් ටික දුරක පිහිටි බණ්ඩත්තරට ය.

සිය නංගීත් තම මස්සිනාත් දෙපල සතුටින් පවුල් ජීවිතය ගත කලෝය.

ටික කලෙකින් ඔවුන්ට පුතෙකු ද ලැබුණා හ.

ඊට ටික කලකට පසු ආරියදාසත් විවහා දිවියට එලැඹීය. ඒ දිවිය එතරම් සාර්ථක විවහා ජීවිතයක් නොවී ය.

එසේ වූයේ ඇයි ? කියවා බලන්න බකිනි මල කෘතිය. සරල බස් වහරකින් ලියැවී ඇත.

බකිනි මල
ජයකොඩි සෙනවිරත්න
දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්.

Sunday, May 16, 2021

සන්තර්පණ | Santharpana

 රොමේශ් කටුලන්ද යනු රහස් පොලීසියේ දක්ශ නිලධාරියෙක්. ඔහු විසින් රූමත් යුවතියන් පැහැර ගෙන ගොස් දූෂණය කරන එක් පාපතරයෙකු නීතියේ රැහැනට හසු කර ගන්නා ආකාරය කතාව පුරාම දිග හැරේ !

එසේම අතවරයට ලක් වූ යුවතියන් හා ඔවුන් සමාජය තුළ ජීවත් වීමේදි මුහුණ පාන්නට සිදුවන සිදුවීම් ද මේ කතාව තුල අපූරුවට විග්‍රහ කෙරේ.

එක හුස්මටම කියවාගෙන යා හැකි පරිදි සරල වූ බස් වහරකින් ලියැවී ඇත.

සන්තර්පණ
ඩී. එම්. අනුර දිසානායක
දිනිස ප්‍රකාශනයක්
මිල රු. 800/=

 


Saturday, May 15, 2021

මඟ දිගට ජනකතා 2 | Maga Digata Janakatha 2

 ඩී. පී. වික්‍රමසිංහයන්ගේ මඟ දිගට ජනකතා පොතේ පළමු වෙළුම ඔබ මේ වන විට කියවා තිබෙන්නට පුලුවන. මේ එම පොතේ දෙවැන්නයි.

ඔහු පළවෙනි පොතෙන් ජනකතා 50ක් ඉදිරිපත් කල ද මෙම පොතේ ඇත්තේ ඊට වඩා අඩු ජනකතා එකතුවකි.

එයට හේතුව වන්නේ මෙම පොත ලියා නිම කිරීමට පෙර වික්‍රමසිංහ මහතා අවාසනාවන්ත ලෙස මිය යාමයි.

ඔහුගේ අභාවයෙන් පසු ඔහු මෙතෙක් පල නොකළ කතා සියල්ලම මඟ දිගට ජනකතා 2 වන පොත ලෙස ඔහුගේ සමීපතමයෙක් ප්‍රකාශයට පත් කර තිබේ.

මේ එම කෘතියයි.

මෙයත් පළමු වැන්න සේම රස වෑහෙන ජනකතා සමූහයක එකතුවකි. වෙනසකට ඇත්තේ ජනකතා 50ක් නොව ඊට අඩු ප්‍රමාණයක් තිබීම පමණෙකි.

කියවා බලන්න. 




දේවතා එළි | Dewatha Eli

 කිංකිණි සිය පවුලේ වැඩිමහල් දියණිය වේ. ඈ සිය පියාගේ දේපල වෙලදාම් ව්‍යාපාරයේ වැඩකටයුතු බලා කියාගෙන සතුටින් ජීවත් වූවා ය. දිනක් මේ ව්‍යාපාරික ස්ථානයට සචින්ත නම් වූ තරුණයෙක් පැමිණියේ ය.

ඔහු කඩවසම් ය.

මේ තරුණයා පැමිණියේ තම ව්‍යාපාරය කරගෙන යාමට ගොඩනැගිල්ලක් මිළදී ගැනීම සදහා ය. ඔහුට යක්කල ප්‍රදේශයේ දෙමහල් නිවසක් සොයා දීමට කිංකිණි කටයුතු කළා ය.

කල් ගත වත්ම ඈ හා සචින්ත අතර ආදරයක් ගොඩ නැගුණු අතර ඔවුන් දෙදෙනා විවහා දිවියට ද එළඹුණි.

ඔවුන් ආදරයෙන් හා සතුටින් විවහා දිවිය ගත කළහ.

කල් ගතවත්ම සචින්තගේ ව්‍යාපාරයට අවශ්‍ය වන භාණ්ඩ තොගයක් මිලදී ගැනීමට අඩුවූ ලක්ෂ 5ක පමණ මුදලක් කිංකිණිගෙන් ඉල්ලා සිටියේ ය.

කිංකිණි ද සිය සැමියාගේ ව්‍යාපාරයට අවශ්‍ය වූ මේ මුදල නොපැකිළිව ලබා දුන්නා ය. මේ මුදල ද රැගෙන ඔහු කොළඹ ගිය දින රෑ අනපෙක්ෂිතව සචින්ත අනතුරකට ලක් විය.

අනතුරින් ඔහු රෝහල් ගත විය. කිංකිණිද වහා වහා රෝහලට ගියා ය.

රෝහලේ දී කිංකිණිට අනපේක්ෂිත සිදුවීමකට මුහුණ පාන්නට සිදු විය.

ඒ සිදුවීම කුමක් ද ?

ඒ සිදුවීමෙන් පසු ඔහු කලින් විවහා වූ අයෙක් බව ඈට දැන ගන්නට ලැඹිණි.

ඉන්පසුව සිදු වන්නේ කුමක් ද ?

දේවතා එළි
කතෘ: චන්දි කොඩිකාර
රත්සර ප්‍රකාශනයක්
මිල රු. 500/=