Sunday, June 6, 2021

දික්කන්ද වලව්ව | Dikkanda Walawwa

 සපුමල් දලදාවත්ත සහ කෞශල්‍යයා  දළදාවත්ත මාතර සිට ගම් ගම්පහ දක්වා ගමන් කරයි.  ඔවුන් දෙපළ ගම්පහ යන්නේ  දික්කන්ද වලව්වට ය.  මේ වන විට දික්කන්ද වලව්වේ සැමුවෙල් දළදාවත්ත මහතා ඝාතනයට ලක්වී ඇත.

බොහෝ දෙනා සිතන්නේ මෙය සිය දිවි නසා ගැනීමක් කියා ය.

උඩ තට්ටුවේ සිට පහලට පැණ ඔහු සිය දිවි නසාගෙන ඇති බව සියළු දෙනා සිතයි.

නමුත් මේ පිළිබඳව පර්යේශණය කරන මනෝ එදිරිසූරියට සැබෑ කරුණු සොයා ගැනීමට හැකි වේ.

එසේ නම් සැමුවෙල්ගේ ඝාතකයා කවුරුන් විය හැකි ද ?



දික්කන්ද වලව්ව
ජයශංඛ කරුණාරත්න
දයාවංශ සහ ජයකොඩි ප්‍රකාශනයක්.

යළි උපන් යුවතිය | Yali Upan Yuwathiya

 සෙව්වන්දි යනු හලාවත  ප්‍රදේශයේ ජීවත් වූ අවිහිංසක ගැහැණු ළමයෙකි. ඈව කවුරුන් හෝ මරා දමා තිබේ. පොලිසිය විසින් සෙව්වන්දිගේ මරණය ගැන පරීක්ෂණ පවත්වයි. පොලිසිය කෙතෙක් උත්සාහ කළ ද මේ පිළිබඳ තොරතුරු ලබා ගත නොහැකි විය.

නමුත් පසු කලෙක පොලිසිය සෙව්වන්දීගේ නියම මිනිමරුවා සොයා ගන්නා ලදී. චමුදි නම් වූ කුඩා දැරිය ලබාදුන් සාක්ෂි අනුව පොලිසිය පරීක්ෂණ සිදු කරයි ඒ පර පරීක්ෂණවලින් සෙව්වන්දිගේ නියම මිනිමරුවා සොයා ගැනීමට පොලිසියට හැකිවිය.


එය වූයේ කෙසේද කියවන්න

 


යළි උපන් යුවතිය
ඩී එම් අනුර දිසානායක
සුසර ප්‍රකාශනයක්

හාලිඇළ වලව්ව | Haliela Walawwa

 හාලිඇළ  වලව්වේ වර්තමාන උරුමක්කාරයා වූ අසංග බණ්ඩාර සිකුරාදා හවස  කොළඹ සිට හාලිඇළ දක්වා දුම්රියෙන් පැමිණෙයි.  ඔහු හාලිඇළ දුම්රිය නැවතුමෙන් බැස සිය වලව්ව කරා යන  ගමනේදී පැහැරගැනීමට ලක් වෙයි.  පොලිසිය විසින් අසංග බණ්ඩාර  පැහැර ගැනීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.  ටික කලකින්  හෝටලයක  වැසිකිළි වලක තිබී අසංග බණ්ඩාර ගේ  මිනිය සොයා ගැනීමට පොලිසියට හැකි වේ.

අසංග බණ්ඩාර ව මරා දැමුවේ කවුද?  එසේ කළේ කුමන හේතුවක් නිසාද?
 කියවන්න.   



හාලිඇළ වලව්ව
 ඩී.  එම්. අනුර දිසානායක
වාසනා ප්‍රකාශනයක්