Friday, January 25, 2013

ගුරු ගීතය | Guru Geethaya

ගුරු ගීතය එසේත් නැත්නම් The First Teacher කෘතිය චිංගීස් අයිත්මාතව් නම් රුසියානු ලේඛකයා විසින් රචිත කෘතියකි. එය සිංහලයට පරිවර්තනය කර ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු මහතා ය.

අයිලය නම් ගමක වෙසෙන අල්තිනායි නම් වූ දැරිය හා එම ගමට පැමිණ පාසලක් පටන් ගෙන ගම්වල ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරන දුයිශෙන් නම් වූ ගුරුවරයෙකු වටා ගෙතී ඇති කතවකි, ගුරු ගීතය.පාසල පවත්වා ගෙන යාමෙදී හා ඉගැනුම් කාර්යේදි ඔවුම් මුහුන දෙන අසීරුතා මෙම කෘතියෙන් මනාව පිළිඹිබු වේ.

ග්‍රන්ථ නාමය : ගුරු ගීතය
ලේඛකයා : චිංගීස් අයිත්මාතව්
අනුවාදය : දැදිගම වී. රුද්‍රිගු
පිටු : 99-100 අතර



මිලදී ගත හැකි ස්ථාන : සියළුම සරසවි පොත් අලෙවිහල්
                                   කුරුලු පොත් ප්‍රකාශකයෝ, 594/1, නාවල පාර, රාජගිරිය

ඔව්..ශිත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. හිම කැට සහිත මහ නපුරු සුළි සුළං හමාවි. එහෙත් වසන්තය එනවා සත්තකයි...
- ගුරු ගීතය කෘතියෙනි.

 මම කම්කරු විද්‍යලයේ ඉගෙන ගන්නා සමයෙදි මගේ පළවෙනි ගුරුවරයාට ලිපියක් ලියමින් , ඔහුට පෙම් කරන බවත් ඔහු පතන බවත් කීවෙමි. එහෙත් ඔහු පිළිතුරු ලීවේ නත. ඉන්පසු අප අතර ලියුම් ගනුදෙනු නතර විය. ඔහු මා ප්‍රතික්ෂේප කළේ මගේ ඉගෙනීමට බාධාවක් වෙතැයි යන බියෙනැයි මට සිතින. සමහර විට ඔහු නිවැරදි වන්නට පුළුවන...
-ගුරු ගීතය කෘතියෙනි.

කියවා රසවිඳිය හැකි කෘතියකි. එම නිසා ඔබ මේ කෘතිය තවම නොකියෙව්වේ නම් කියවා බලන්න.
මෙම කෘතිය බාගත කර ගැනීමට මෙතන ක්ලික් කරන්න.

9 comments:

  1. ගුරු ගීතය කී වතාවක් කියෙව්වත්,දුයිෂෙන් ගැන කොච්චර කවි ලිව්වත්,තවමත් මට හිතෙනව ඒ පොතට මගෙන් වෙන්න ඕන සාධාරණය ඉෂ්ට වුණේ නෑ කියල.ඒ තරම්ම මං ගුරු ගීතයට ආදරෙයි.

    ReplyDelete
  2. මමත් කිහිප වතාවක් මේ කෘතිය කියෙව්වා. ඒත් තව තව කියවන්න ආස හිතෙනවා.
    ලස්සන පොතක් !

    ඒ වගේම අදහස් දැක්වීමට ස්තුතියි

    ReplyDelete
  3. ගුරු ගීතය කතාවේ ෆිල්ම් එකක් තියනවා...හැබැයි මටනම් ඒක පොත තරම් ලස්සන නැහැ....ඔන්න ලින්ක් එක....
    http://www.youtube.com/watch?feature=player_embedded&v=xYZ1otLbj8c
    ඉංගිරිසි උප සිරැසි
    http://dl.opensubtitles.org/en/download/sub/4456332

    ReplyDelete
  4. ගුරු ගීතය නව කතාවක් නොව වරක් ඇසූවිට සදා අමතක නොවන අති සුන්දර ගීතයක්මය.

    ReplyDelete
  5. ගුරු ගීතය නව කතාවක් නොව වරක් ඇසූවිට සදා අමතක නොවන අති සුන්දර ගීතයක්මය.

    ReplyDelete
  6. ස්තූතිය .. මෙහෙම දෙයක් නොලිය් හිටියනම් මේ ගැන දැන ගන්න් වෙන්නෙ නෑ.. ස්තූතිය

    ReplyDelete
  7. ගොඩක් ගොඩක් වටිනව 🌺

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?