Monday, February 4, 2013

කන්දක් සේමා | Kandak Sema

කන්දක් සේමා කෘතිය ජනප්‍රිය ලේඛක සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ නිර්මාණයකි.

ග්‍රන්ථ නාමය - කන්දක් සේමා
ලේඛකයා -  සුමිත්‍රා රාහුබද්ධ
පිටු - 270ක්
ග්‍රන්ථ අංකය -  ISBN 978-955-1470-19-7

පොතේ පිටකවරය

නූපා නම් වූ කාන්තාවක් වටා මෙම කතා වස්තුව ගෙතේ. එලෙසම කාන්තාවක් වශයෙන් විඳින්නට සිදු වන විවිධ දුක් ගැහැට මනාව මෙම කෘතිය තුල චිත්‍රණය කර ඇත. මා කියනවාට වඩා කතුවරියගේ වදන් වලින්ම මේ ගැන විමසා බැලීම වටී. පහතින් දැක්වෙන්නේ එම කෘතියේ පිටකවරයෙන් ගත් උපුටනයකි.


නූපා ජපානයේ නීගතාවට යන්නේ සකුරා මල් පිපෙන අරුමය බලන්න නෙවෙයි.

තමුන්ගේ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපව ජපානයට පිටුවහල් කරනවා.

නූපා නීගතාවේ සන්ජෝ නගරයේ සැරිසරන්නිය වෙන්නේ කවුරු හරි සොරා ගත්තු තමන්ගේ තරුණ ජීවිතය නැවත සොයා ගන්නයි.සිමිකාවා පරම්පරාවේ මළවුන් ඇවිත්,ලංකාවෙන් ආව ඥාතිය ප්‍රතික්ෂේප කළාට, සන්ජෝ නගරයෙ සැරිසරන්නිය - නගරයටයි, එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.

පෙකණිවැලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදල දානවා.

මේ සැරිසරන්නිය සොයා යමු.

මෙම කෘතිය සඳහා 2010 වසරේදි සියළුම සමානයන්ට පාත්‍ර වී ඇත. එනම්,

ස්වර්ණ පුස්තක සම්මානය 2010
විද්‍යෝදය සාහිත්‍ය සම්මානය 2010
ගොඩගේ සාහිත්‍යය සම්මානය 2010
රාජ්‍ය සාහිත්‍ය සම්මානය 2010
අළුත් පියාපත් සම්මානය 2010

යන සම්මාන සියල්ලම මෙම කෘතිය අත් පත් කරගෙන ඇත.

මෙම කෘතිය,
Platform for Alternate Culture
96/37A, කොට්ටනුවත්ත පාර, නුගේගොඩ ආයතනයේ ප්‍රකාශනයක්.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?