Tuesday, October 15, 2013

කාල සර්ප | Kala Sarpa

වසන්ත කුමාර නම් වූ තරුණයා ගමේ පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගයට මුහුන දුන්නේය. පසුව ප්‍රථිපල බැලීමේදි ඔහු එම විභාගයෙන් ඉහලින්ම සමත් වී ඇති අතර ඔහුගේ මිතුරිය වූ චාරුණි විභාගයෙන් අසමත් විය. මේ නිසා ඈට දුකක් ඇති වූ අතර එම දුක මදක් හෝ තුනී වූයේ වසන්ත කුමාර ඈ හට ආදරය ප්‍රකාශ කිරීමත් සමගය.

ඉන් ටික කලකට පසු ඔහු නගරයේ පාසලකට ඇතුලු වූයේ ය. එහිදී ඔහු ජීව විද්‍යා විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීය. එක් විශයයක් පමණක් සමත් වී ඉතුරු විශයයන් අසමත් වූ නිසාම ඔහු නැවත වරක්ක් කළා විශය ධාරාවෙන් උසස් පෙළ හැදෑරීය. මෙම අවස්ථාවේදි ඔහු සරසවි වරම් ලබන්නට තරම් වාසනාවන්ත විය.

මින් පසු ඔහුගේ ජීවිතයත් තම ආදරවන්තියගේ ජීවිතයත් කෙසේ වෙනස් වුනි ද ?

මේ ප්‍රශ්නයට පිලිතුරක් අවශ්‍ය නම් කාල සර්ප පොත කියවන්න.

මෙම පොත කීර්ති වැලිසරගේ මහත්මාගේ කෘතියක් වන අතර සරසවි ප්‍රකාශනයකි !

2013 වසරේ ප්‍රසස්ථම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානයෙන් පවා පිදුම් ලබන්නට තරම් මෙම කෘතිය වාසනාවන්ත විය.

එහෙත් මාගේ පුද්ගලික අදහස වන්නේ මෙම කෘතිය සම්මානයකට බඳුන් වීමට තරම් සුදුසුකම් සපුරා නැති කතා තේමාවක් රැගත් කෘතියක් ලෙසය.  මෙම කෘතිය නවකතාවක් උවත් එය කෙටි කතා එකතුවකට සෑහෙන සමානකම් දක්වයි. එසේම කතාව කිසිදු සාර්ථකත්වයක් නොමැතිව ගලාගෙන යයි.

මා මෙම කෘතිය කියෙව්වේ ඉතාමත් අලස කමිනි.

ඒ මාගේ පුද්ගලික අදහසයි. සමහරවිට එය ඔබට කදිම නවකතාවක් වනු ඇත. 

6 comments:

  1. eka paratama patan aragena ohe galagena gihin kisim hethuwak nitiwa eka parama nathara una kathawak........... kiyawala iwara unata passe kiyawapu manussayage hithe kisideyak ithuru wenne na.....:) :)

    ReplyDelete
    Replies
    1. ඔවු.... කියවලා ඉවර උනහම මට අපරාදේ සල්ලි කියලා හිතුනා. :(

      Delete
  2. බොහොම ආසාවෙන් කියවන්න පටන්ගත්තත්, පළමු පරිච්ඡේදයෙන්ම ආසාව නැතුව ගියා. එත් නැවෙත්තුවේ නෑ. (ස්වර්ණ පුස්ථකයක් එහෙම අතහරින්න පුලුවන්ද) කනගාටුයි කියන්න... "කාල සර්ප" මගේ කාලය කාදැමුවා... :(

    ReplyDelete
  3. අතිශය චමත්කාරජනක ආරම්භයක් සහ කමකට නැති අවසානයක් සහිත කාල සර්ප නවකතාව අමුතු පලාතක, නොදන්නා මිනිසුන් අතර මාව අතරමං කෙරවීය...

    ReplyDelete
  4. හ්ම්ම්ම්. . . . කියන තරම්ම වැඩක් නෑ

    ReplyDelete
  5. යහොනිස් නිසා ගීරිංට සිද්ධ උන දේම විසාකා නිසා වසන්තට සිද්ද උනා නේද....? අවස්ථා දෙකේදීම මෝඩ වැඩේ කරන්නේ ගීරිං/වසන්ත පරම්පරාව...නමුත් එයාලව විනාසය කරා ගෙනියන්නේ යහොනිස්ගේ පරම්පරාව....එකමදේ නැවත (කාලානුරුපීව වෙනස්වෙලා ) සිද්ධවෙන හැටි විස්තරකරල තියනබවක් තමයි මටනම් පෙනුනේ.....කොහොම වෙතත් කතාව ටිකක් කම්මැලී..

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?