Thursday, October 17, 2013

ප්‍රේත වස්තුව | Pretha Wasthuwa

කීරාල මුදලාලි වියෝ වීමෙන් පසුවත් තමාට තම වස්තුව පිළිබඳ ආසාව අතහැර ගැනීමට බැරිවිය. මේ නිසා ඔහු ප්‍රේතයෙකු වී සිය නිවසේම රැඳෙන්නට විය. මුලදි මුලදි සිය බිරිඳ වූ සමදරාද බියෙන් සිටියත් පසුව ඈ තුල පැවති බිය පහවී ගියා ය.

කීරාල මුදලාලිගේ මරණින් පසු ඇගේ තනි නොතනියට සිටි තේගිරිස්ද ප්‍රේතයාට බියවී මේ නිවසද අතහැර තමන් සිටි තැනට ගියේය. තේගිරිස් ද තමාව අතහැර ගිය නිසා ඈ දුකෙන් කල් ගත කලාය. මුලදාලි ජීවතුන් අතර සිටි කාලයේදි මෙන් නොව ඇගේ අතමිට පවා හිඟවිය.

කන්නට යමක්වත් නොමැති විය. මෙය දුටු ප්‍රේතයා තබ සතයේ කාසි කිහිපයක් ඈට ලබාදීමට සැලැස්වීය. මීට අමතරව රුපියල් දෙකේ කොළයක්ද ඈට ලබාදුන්නේය. ප්‍රේතයන් ලබා දෙන දේ නොගන්නා ලෙසත් එසේ ගත හොත් ප්‍රේතයා හා සමඟ යාමට සිදුවන බවත් පැවසූ පිංචි උපාසකම්මා ඒ මුදලා පුලන්නෙකුට හෝ හිඟන්නෙකුට දෙනමෙන් සමදරාය පැවසුවාය.

ඈ ද ඒ මුදල හිඟන්නෙක්ට ලබාදුන්නාය. 

මින් ටික දවසකට පසු කීරාල මුදලාලිගේ මලයෙක් යැයි කියාගන්නා කෙනෙකු ඈ හා තනි නොතනියට සිටියේය. ඔහු හා එකතු වී නවතා දමා තිබූ කඩයද නැවත පටන්ගෙන එයින් ලැබෙන ආදයමෙන් ඔවුන් ජීවත් විය.
ඔවුන්ගේ ජීවිත වලට ඉන්පසු සිදුවන්නේ කුමක් ද ?

ඉහත ප්‍රශ්නයට පිලිතුර ප්‍රේත වස්තුව නම්වූ පොතේ ඇත. ඔබත් ප්‍රේත වස්තුව කියවන්න
 ප්‍රේත වස්තුව, සේපාලි මායාදුන්නේ මහත්මියගේ කෘතියකි.
ගොඩගේ ප්‍රකාශනයකි.

මෙම පොත 2013 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දෙවන වටයේ පොත් දොලසය තේරි පත්වූ කෘතියකි.

1 comment:

  1. මේ කතාවට මාතෘකාව බලෙන් අනුයාත කරන්න උත්සහකරල තියනවා. කතාවෙ ප්‍රධාන චරිතයවන කීරාල මුදලාලිගෙන්, කතාවට සාධාරනය හොදටම මදි. ඒහින්ද කතාවේ ජවය නැතිවෙලා තියනවා.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?