Tuesday, December 10, 2013

දිගාමඩුලු ආශ්චර්යය | Digamadulu Ashcharya

දිගාමඩුල්ලේ ජන ජීවිතයත් ගොවිතැනත් අලලා ලියැවුණු කෘතියකි.

 එදා භාවිතා වන ජනවහරත් සමග එක හුස්මටම කියවා යා හැකි මාහැඟි කෘතියකි. එසේම කතුවරයා මුහුණදුන් ත්‍රාසජනක අත්දැකීම් විස්තර කර ඇති නිසා කුතුහලය නොඅඩුවම කියවාගෙන යා හැකි කෘතියකි.

මෙම පොත සෑහෙන කාලයකට උඩදී ලියැවී ඇති නිසා භාෂා භාවිතයේ වෙනසක් අත්විඳිය හැකි කෘතියකි.

එකට හතේ පන්තියේ සිංහල පෙල පොතට පවා මෙම පොතෙන් උපුටා ගන්නා ලද ඡේදයක් ද ඇතුලත් කර තිබුණි. 

ඔබත් මෙම කෘතිය කියවා නොමැති නම් කියැවා බැලිමට කාළයයි මේ.

මෙම පොත මායාරංජන් නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මහානාම රාජපක්ෂයන්ගේ කෘතියකි. ගොඩගේ ප්‍රකාශනයකි.

මෙය ඉතාමත් පැරණි පොතක් නිසා ගොඩගේ පොත් හලින් හැරෙන්නට වෙනත් පොත් හල්වල තිබේ යැයි අපේක්ෂා කළ නොහැකිය. 

3 comments:

  1. පාසල් දරුවන්ට(6 - 12වසර ) සුදුසු පොත් ගැනත් තොරතුරු ලියන්න.

    ReplyDelete
  2. වටින වැඩක්.ජය ❤

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?