Tuesday, December 10, 2013

තුංමං හන්දිය | Thunman Handiya

රඳාවාන හන්දියෙන් පාර තුනකට බෙදේ. එක් පාරක් ගම්පහ දෙසටය. අනෙක් පාර කිරිඳිවැල දෙසටය. ඉතිරි පාර දිවෙනුයේ කොළඹට ය. මේ ඔහුගේ ජීවිතයේ තුංමං හන්දිය වේ

ඔහු නමින් සිරිසේන ය.

සිරිසේනට මාමාවරු දෙදෙනෙක් සිටී. එක් අයෙක් සුරාවට සූදුවට ඇබ්බැහි වූ අයෙකි.එහෙත් ඔහු ගමේ මරණයකට මඟුලකට උදව් වෙමින් ඉතාමත් සතුටින් කාළය ගත කළ අයෙකි. ඔහු චිත්‍ර කළාවට දක්සකම් දැක්වූ අයෙකි. මේ නිසා සිරිසේන ද චිත්‍ර විෂයය කෙරෙහි ඉමහත් උනන්දුවක් දැක්වීය.

පොඩි මාමා රඳාවානේ සිල්ලර කඩයක් කල මසුරු අයෙකි.ඔහු කිසිවකට මුදල් වියදම් කලේ නැත. ඔහු යසවතී නම් වූ කන්තාවක් හා විවහා වී ඉතාමත් සතුටින් ජීවත් වූ අයෙකි.

මෙවැනි චරිත අතර සිරිසේන නම් වූ කොළුවෙකුගේ චරිතය ගලා යයි. මෙය හුදෙක් චරිත කතාවක්ම නොවේ එකල ගැමි දිවියත් මනාව විස්තර කෙරෙන නවකතාවකි.

කතාවේ අවසානයේ සිරිසේනට තෝරා ගත හැකි මාර්ග ද තුනෙකි. එකක් රදාවානේ තම නිවසට ගොස් ගොවිතැන් කිරීම.. අනෙක ගම්පහ ලෝරන්ස් විද්‍යාලයෙන් ඉංග්‍රීසි ඉගෙන ගැනීම ගා කොළඹ ගොස් චිත්‍ර කර්මය ඉගෙන ගැනීමයි... ඔහු කුමන මවත තෝරා ගන්නේද සොයා බැලීම ඔබට භාර කරමි !

මෙම පොත ඔබ කවුරුත් හඳුනන මහගම සේකරයන්ගේ කෘතියකි. ගොඩගේ ප්‍රකාශනයකි.

මෙම පොතේ මා දකින සුවිශේෂිම ලක්ෂණය වන්නේ කතාවේ දෙබස් පවා ඡේදයට නගා තිබීමයි.



4 comments:

  1. ඔබේ වෑයමට තුති....
    මිතුර ඔබට හැකිද මෙම කෘතියේ pdf එකක් ලබා ගත හැකි ලින්කුවක් දෙන්නට
    මට කුඩාකල මා මිතුරෙකුගෙන් ලැබුනු තුන්මන් හන්දිය කෘතිය හදීසියෙම ඔහුට ලබා දීමට සිදුවූ අතර ඒවනවිට මට තව කතාවේ පිටු 30ක් පමන කියැවීමට ඉතිරිවැ තිබුනා...
    ඉන්පසුව තවමත් තුන්මන් හන්දිය කියැවීමට වාසනාවක් ලැබුනේ නෑ....

    ReplyDelete
    Replies
    1. අනේ මටත් ලැබුනොත් කියන්න

      Delete
    2. https://sinhalaebooks.com/2018/11/21/thunman-handiya-mahagamasekara-free-sinhala-novel/

      Delete
  2. අනේ හොඳට ලියන්න ඔයාගේ කතාව

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?