Friday, January 25, 2019

ගිනියම් ඇස් | Giniyam Es

1974 වර්ෂයේදී සප්ත කන්‍යා කදුවැටියේ හැපුණු  ඩී සී 8 ගුවන් යානයේ සිටි සියළුම මගීන් ජීවිතක්ෂයට පත් විය. ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගෙන් එක් අයෙකු පමණක් අත්භූත ලෙස නොමැරී බේරුණි.

මේ බේරුණු පුද්ගලයා ජීවත් වූයේ මල නොමල පුද්ගලයෙකු ලෙසයි. ඔහුත් ගුවන් අනතුරින් මලේ නම් සැපතක් ලෙස ඔහුට විටින් විට සිතුණේ ය. ඊට හේතුව වන්නේ ඔහුට නොයෙක් දෙනා එල්ල කළ දෝශාරෝපණ හා ඔහුට උත්තර දීමට සිදුවූ ප්‍රශ්ණාවලීන් නිසා ය.

මේ ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ඉතාම ආසන්නතම ගම ජයගත් පුර වේ. ගුවන් අනතුරත් සමග ජයගත්පුර ගමේ අමනුශ්‍ය බියක් හා අත්භූත සිදුවීම් සමුදායකට මුහුණ දීමට ඒ ගමේ වැසියන්ට සිදු විය.

ඉතාමත් අත්භූත ලෙස ගමේ ගැමියන් කිහිප දෙනෙක් මිය යෑමත් සමග මේ තත්වය ඉතාමත් උග්‍ර විය.

ගමේ සිටින ගැමියන් මේ සිදුවීම් සමුදායට මුහුණ දෙන්නේ කෙසේ ද ? මේ අත්භූත සිදුවීම් සියල්ලට හේතුව කුමක් ද ? ඔවුන් මේ අමනුශ්‍ය බියෙන් ගැලවෙන්නේ කෙසේ ද ?

මේ සියළුම ප්‍රශ්න වලට විසදුම ලබා ගැනීමට ගිනියම් ඇස් පොත කියවන්න. අත්භූත කතා යන ශානරයට අයත් කුතුහලයෙන් නො අඩුවම එක හුස්මටම කියවාගෙන යා හැකි අගනා කෘතියකි.


කතෘ : ජයශංඛ කරුණාරත්න
දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක්
මිල රු. 550/=

ප. ලි. - ගුවන් අනතුර හැරෙන්නට ඒ වටා ගෙතුණු අනෙකුත් සිදුවීම් සමුදාය කතු තුමාගේ හිතළුවක් බව සැලකීම ඉතාම වැදගත් ය.

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?