Sunday, January 27, 2019

අප්පච්චි ඇවිත් | Appachchi Awith

නිස්සංක උපදිසාපති කෙනෙකි. ඔහුගේ පියා මීට අවුරුදු තුනකට පෙර වියෝ විය. පියාගේ වියෝවෙන් අවුරුදු තුනකට පමණ පසු ඔහුගේ පියා නැවත ගෙදර ආවේ යැයි ඔහු සිතයි.

මෙය හුදෙක්ම නිස්සංකගේ සිතේ මැවෙන පියෙකු මිසක් පියාගේ අවතාරය හෝ වෙනයම් කෙනෙකු හෝ නොවේ. පියා නැවත පැමිණියේ යැයි ඔහු තම බිරිඳටද පවසයි. එහෙත් ඔහුගේ බිරිඳට මුලදී තේරුම් ගැනීමට නොහැකි වුවත් පසු කලෙකදී ඈ තේරුම් ගන්නේ නිස්සංක මනෝ ව්‍යාධියකට මුහුණ පා ඇති බවයි.

මේ නිසා නිස්සංකගේ පවුලේ විවිධ අඩදබර වලටද මෙම මනෝ මූලික පියා හේතු වේ. නිවසේ වැඩ කටයුතු මෙන්ම නිස්සංකගේ කාර්යාලීය කටයුතු වලටද මේ මනෝ මූලික් පියා බලපෑමක් ඇති කරයි. මේ නිසා ඔහු කාර්යාලයේ සේවකයින් අතර පවා උපහාසයට ලක් වේ.

පසු කලේක නිස්සංකගේ අතින් සිය පවුලම ඝාතනය වේ. මෙයට හේතුව කුමක් ද ? මෙයත් මනෝ මූලික පියාගේ බලපෑමෙන් සිදුවූ දෙයක් ද ?

වෙනස්ම ආරක කතාවක් වන අප්පච්චි ඇවිත් කෘතිය ඔබත් කියවා බලන්න. 2018 වසරේ ප්‍රසස්ථ නවකතාවට හිමි රජත සම්මානය වන ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් නවකතාව මෙය වේ.

කතෘ : සමන් වික්‍රමාරච්චි
සරසවි ප්‍රකාශනයක්.
මිල රු. 300/=

1 comment:

  1. මේ පොතයි ස්වර්ණපුස්තකේට නිර්දේශ වෙච්ච අනිත් පොත් ටිකයි නම් ගිය සැප්තැම්බර්වල පොත් ප්‍රදර්ශනයෙන් ගත්තා. යාළුවෙක් පොත කියවන්න අරගෙන ගිහින් තවම ගෙනත් දුන්නෙ නෑ. ඒ නිසා මට කියවන්න බැරිවුනා තවම. කොහොමටත් ඒ ගෙනාපු පොත්වලින් තවම පොත් තුනක් හරි හතරක් හරි කියෙව්වෙ. දැන් ඉස්සර වගේ පොත් කියවන්න වෙන්නෙ නෑ. රෑට නිදාගන්න කලින් ටිකක් කියවනව විතරයි. සමහරදාට එහෙමවත් බලන්න වෙන්නෙ නෑ.

    මට මතක හැටියට සමන් වික්‍රමාරච්චි මහත්මය කාලෙකට කලින් දිසා විනිසුරුවරයෙක් හරි මහේස්ත්‍රාත්වරයෙක් හැටියට හරි සේවය කලා. මම ගියපු දවසෙ උදේ 11 ට ද කොහෙද පොතේ ලේඛක මහත්මයා සරසවි අලෙවි කුටියට එනව කියල ටිකක් ඉඳල එතුමගෙ අත්සනක් එක්ක පොත ගන්න කියල සරසවි එකෙන් කිව්වා. ඒත් මට තව ඇවිදිල බලන්න ගොඩක් තැන් ඉතුරු වෙල තිබුනු නිසත් රෑ වෙන්න කලින් ගෙදර එන්න නම් තුන විතර වෙනකොට BMICH එකෙන් එළියට එන්න ඕන නිසත් මම හිටියෙ නැතුව ගත්ත පොත් ටික බිල් කරගෙන ආවා.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?