Friday, January 25, 2019

බැස්කර්විල් දඩ බල්ලා | Baskerwille Dada Balla

ලෝක ප්‍රකට ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාවේ දීර්ඝතම කතා හතරෙන් එකකි. The Hound of Baskerville නම් කෘතියෙ අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙය වේ.

බැස්කර්විල් නම් වංශවත් පවුලේ අයවලුන්ව ඉතාමත් අත්භූත ලෙස ඉතාමත් රහසිගතව මරා දමන සුනඛ අවතාරයක් යැයි සැලකෙන මාරක සුනඛයෙකු සම්බන්ධ කතා පුවතකි.

මේ මාරක සුනඛ අවතාරය ඇත්තක් ද ? එසේත් නැත්නම් මේ සුනඛය හැබෑවටම ජීවත්වෙන ජීවියෙක් ද ? එසේ නම් මේ සුනඛයා පිටුපස ඝාතන වලට වග කිවයුතු අය කවරහු ද ?

පියවරෙන් පියවර ඉතාමත්ම සූක්ෂමව පැටළුන නූල් බෝලයක් වන් වූ රහසක් හෙලි දරවු කර ගන්නා රහස පරීක්ෂක කතාවකි.

කතෘ : සර් ආතර් කොනන් ඩොයිල්
පරිවර්තක : ආචාර්ය කේ. ජී. කරුණාතිලක
දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයකි.
මිල රු. 450/=

1 comment:

  1. මේ කතාව මම චන්දන මෙන්ඩිස් මහත්මයගෙ පරිවර්තන පොත කියවල තියෙනව. මෙන්ඩිස් මහත්මයගෙ ෂර්ලොක් හෝම්ස් කතා පොත් ටික ඔක්කොම මගේ ළඟ තියෙනව. එතුමගෙ තියෙන්නෙ බොහොම සරල භාෂා ශෛලියක්නේ, අනික ඒ කතා ටිකක් සංක්‍ෂිප්ත කරපුව මම හිතන්නෙ.

    කේ. ජී. කරුණාතිලක මහත්මයගෙ මොන්ත ක්‍රිස්තෝ සිටුවරය වගේ පොත් කියවපු නිසා එතුමගෙ, ගැඹුරු උනත් ආශාවෙන් කියවන්න පුළුවන් භාෂා ශෛලියක් තියෙන අසංක්‍ෂිප්ත පරිවර්තනවල රසය හොඳින්ම දන්නව. ඒ නිසා එතුමගෙ පරිවර්තනයත් කියවන්න හිතුනා. මම බලද්දි නම් මේ පොත තිබුනෙ නෑ ගන්න, දැන් ආයෙ අලුත් මුද්‍රණයක් විදියට තියෙනවද දන්නෙ නෑ.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?