Thursday, January 31, 2019

ජුරාසික් දඩයම | Jurassic Dadayama

මේපල් වයිට් දේශයේ සංචාරය කරන එංගලන්ත ජාතිකයින් කිහිප දෙනෙක්ට විදින්නට සිදුවන අනේක විධ දුක් කරදර හා ඔවුන් පුහුණපාන නොයෙක් සිදුවීම් අලලා ලියැවී ඇති නවකතාවකි.

මේපල් වයිට් නම් වූ පුනරාගමනයේ දේශයට යන ඔවුන්ට විවිධ වූ ඩයිනෝසරයන් හමුවේ. ඇලන් නම් වූ අයෙකුගේ බලාපොරොත්තුව වූයේ මේ ඩයිනෝසරයන් කිහිපදෙනෙක් ව තමාගේ උපන් රටට ගෙන යාමට ය. ඒ ඇමරිකාවට ය.

ඔහු තම සගයන් සමග සතුන් කිහිප දෙනෙක්ව අල්ලා කූඩු කරගෙන පසුව ඇමරිකාවට ගෙන යාමට සැරසුණි. එහෙත් ඔහුගේ අභාග්‍යයට ඒ වන විට ඇමරිකාවේ සතුන් කුර රෝගයකට ගොදුරු වන නිසා පිටින් සතුන් ගෙන ඒම තහනම් කර තිබුණි. මේ නිසාම ඔහු මේ සතුන්ව තාවකාලිකව එංගලන්තයේ සත්වෝද්‍යානයක ගාල් කර තැබී ය.

එදිනෙදා කෑම වේල් හා ව්‍යයාම මදකම නිසා මෙම සතුන් හිතුවාට වඩා ඉක්මනින් වැඩීම සිදු විය.

ඉන් එක් සතෙකු දිනක් කූඩුව කඩාගෙන නගරය පුරාම දිව ගියෙ ය. මේ නිසාම නගරයම භීතියෙන් ඇලී ගිය බව මා අමුතුවෙන් පැවසිය යුතු නොවේ..
ඉන් පසුව සිදුවන්නේ කුමක් ද ?

සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත Return to the Lost World නම් කෘතියේ පරිවර්තනයකි.

කතෘ : සර් ආතර් කොනන් ඩොයිල්
පරිවර්තක : චන්දන මෙන්ඩිස්
චන්දන මෙන්ඩිස් ප්‍රකාශනයකි (කතෘ ප්‍රකාශනයක් )
මිල රු. 350/=

3 comments:

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?