Friday, February 22, 2019

යකඩ සිල්පර | Yakada Silpara

උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුවන කාළයේදී වන්නියේ ජීවත් වූ පවුලක් වටා ගෙතී ඇති අපූරු කතා පුවතකි. ගොරබා නම් වූ පවුලේ මූලිකයාගේ පවුලේ අයට විදින්නට සිදුවන අනේක විධ දුක් ගැහැට හා ඔවුන්ගේ පවුල් වල බවලත් උදවියට කුලවතුන්ගෙන් විඳින්නට සිදුවන නොයෙකුත් අතවරයන් ගැන අපූර්ව විග්‍රහයක් කරන කෘතියකි.

පොතේ කතාව කෙටියෙන් කියන්නේ නම්, ඩන්ස්ටන් මුලර් නම් වූ ඉංජිනේරුවා උතුරේ දුම් රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යයි. ඔහුගේ වැඩ කටයුතු වලට සෙනග මදිකම නිසා ගමේ ආරච්චිලාට පණිවිඩයක් යවා සෙනග ගෙන්නා ගැනීමට ඔහු සිතයි. දිනක් ගමේ වැවේ නාමින් සිටි රම්බා නම් සුන්දර ගැහැණියව ඔහු දකී. ඔහුට ඈ කෙරෙහි ආදරයක් නැතහොත් ආසාවක් හට ගනී.

මේ වන විටත් රම්බා, පදක්කයාගේ බිරින්දෑ වී හමාර ය. නමුත් ඩන්ස්ටන් මහත්මයාගේ හිතේ රම්බා කෙරෙහි වූ ආසාව අඩු වූයේ නැත.

ඔහු රම්බාගේ ස්වාමිපුරුශයා වූ පදක්කයා ඇතුළු නඩයට දුම්රිය මගෙහි වැඩ කිරීමට අවසර ලබා දේ. ඊට සරිලන වැටුපක්ද ඩන්ස්ටන් තුමා ලබා දේ.

මොවුන්ගේ ජීවත වලට ඉන් පසුව සිදුවන්නේ කුමක් ද ?

ඔබත් කියවා රසවිඳින්න. 2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අවසන් කෘති 5ට නිර්දේශ වූ කෘතියකි.

යකඩ සිල්පර
කතෘ : විමල් උදය හපුගොඩආරච්චි
සුරස ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක්

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?