Tuesday, July 20, 2021

අවසන් මරණය | Awasan Maranaya

කුතුහලයකින් යුතුව එක දිගටම කියවා යා හැකි නවකතාවකි. මා එම පොතේ පසුපස කවරයෙන් උපුටා ගන්නා ලද කොටසක් සඳහන් කරමි. එය මා කතාව හඳුන්වා දෙනවාට වඩා උචිත වේ යැයි සිතමි.

වැසි පොදයක් ඇද හැලෙන ඒ රාත්‍රියේ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡායාවක් පහන් කණුව යට දුරකථන කුටියට ඇතුළුවිය. කාසි කීපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහාමෙහා කළේය. ඒ සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිශාල මන්දිරයක ස්ථාවර දුරකථනය හැඬවිණ.

"හෙලෝ.."

විකාශ් තරුපති දුරකථනයට උත්තර දුන්නේය.

"ජයනාත් තරුපතිගේ අවසන් කටයුතු ඉවර ද?"

ආගන්තුක කටහඬ ඇසුවේය.

"ඔව් හවස භූමදාන කළේ.."

තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්නට බැරි වුණු කෙනෙකැයි විකාශ් සිතුවේය.

"ඒ කියන්නේ වැළළුවා ?"

"ඔව් කවුද මේ.."

"වලලනකොට තාත්තා මැරිලා හිටියා කියලා හොඳටම විශ්වාසද?"

"කවුද අයිසේ මේ..?"

විකාශ්ට කෝපයක් දැණින. තාත්තා මියගියේ හෘදයාබාධයකිනි. රෝහලට ගෙනයන විටත් තාත්තා මිය ගොස් තිබිණි. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු තුන් දෙනෙකු ම ඒ බව සනාථ කළහ.

"කලබල වෙන්න එපා විකාශ් මහත්තයෝ මං ආවේ ආරංචියක් කියන්ඩ.. දන්නවද ජයනාත් තරුපති
මැරිලා හිටියේ නෑ. උඹලා ඒ මිනිහව වැලලුවේ පණපිටින්.."

මෙය විය හැකිද? විකාශ්ගේ දෙපය පණ නැති විය.

කියවා බලන්න මෙම කෘතිය.



අවසන් මරණය
මොනිකා පුෂ්ප කුමාරි

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?