Wednesday, March 20, 2019

අසනග වැසි | Asanaga Wesi

දේවාලවල දේව සේවයට බැඳී සිටිය බවලත් උදවිය හඳුන්වන්නේ ආලත්හි අම්මා යන යෙදුමෙනි. වසුන්දරා ද කතරගම දේවාලයේ දේව සේවයේ යෙදෙන ලාබාලතම ආලත්ති අම්මා කෙනෙකි.

එසේම වසුන්දරාට ආලත්ති අම්මාගේ සේවය වෙනුවෙන් දේවාලයෙන් අඩුවැඩිය හා තෙල් පිටි එහෙමත් ලැබුණි.

වසුන්දරා කුඩා කාළයේදි ඇඟේ අම්මා මිය ගිහින් ය. ඈව හදාවඩා ගත්තේ තාත්තණ්ඩි හා සෙන්ද අම්මා නම්වූ තනිකඩ ගහැණියකි.

තාත්තණ්ඩි කුඹුරේ වැඩ කර අටු කොටු පිරෙව්වේ ය. එසේම වසුන්දරාගේ ඕනෑ එපාකම් ද සොයා බැලී ය.

ඇඟේ තනි නොතනියට සිටි සෙන්ද අම්මා ද වසුන්දරා කෙරෙහි වූ ආදරයෙන් ඈව රැක බලා ගත්තා ය. මේ නිසා වසුන්දරාට අම්මා නැති ශෝකය මතු උනේ නැත.

සෙන්ද අම්මා ඈට සර්ප වෙදකම ඉගැන්නුවා ය.

දිනක් ඈ දේවාලයට පූජා කරන්නට නෙළුම් මල් නෙළීම සදහා වැවට ගියා ය. එහිදී කිසියම් කෙනෙක් ඇඟේ පින්තූරය් ගන්නා බව ඈ දිටී ය. එසැනින්ම ඈ කමරාව උදුරාගෙන ගෙදර දිව්වා ය. පින්තූරය ගත් කෙනා ද ඈ පසු පස්සේම ඇඟේ ගෙදරට ආවේ ය.

මේ හමුවීමත් සමඟම වසුන්දරා නම් වූ ආලත්ති අම්මාගේ ජීවිතය උඩු යටිකුරු විය.

එය සිදු වූ යේ කෙසේද යන්න දැන ගැනීමට නම් අසනග වැසි කෘතිය කියවිය යුතුම ය.

අසනග වැසි
කතෘ: දර්ශනා ශම්මි විජේතිලක
සුසර ප්‍රකාශනයක්.
මිල රු. 595/=

3 comments:

  1. Darshana mata oba Samaga katha kirrimata awshyai, mage email lipinayata obage Durakathana ankaya ewanawaanam agei, mata obata kiimata yamak thiyei. Obata puluwada mama wenuwen kaarunika wenna. Mama Wasundara Aberathna

    ReplyDelete
  2. Very exemplary book and best book 👍👍

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?