Wednesday, March 20, 2019

ධරණි | Dharani

දුලන්‍යාට අක්කා නෙකෙක් හා අයියා කෙනෙක් විය. එහෙත් දුලන්‍යා කෙරෙහි වැඩිමනත් බලපෑම් ඇති කළේ අක්කා නොව අයියා ය. අයියා දේශපාලනය කළේ ය.

මේ නිසාම අයියාව ජේවීපී කාරයෙකු ලෙස හංවඩු ගැසීමට ගමේ අය පෙළබී සිටියේ ය.

අයියාගේ යාළුවෙකු වන රවින්ද්‍රන් කෙරෙහි දුලන්‍යා ආදරයකින් සිටියා ය. එහෙත් ඒ ආදරයට වැඩි ආයුෂ තිබුණේ නැත. එයට හේතුව වූයේ රවින්ද්‍රන්, තම අක්කා හා හාද වීම නිසා ය.

ඉන්පසු දුලන්‍යාය සිදු වූයේ කුමක් ද?

කත්‍යානා අමරසිංහයන් ලියූ නවකතා අතුරින් යම් තරමක් නීරස ගතියකින් යුතු නවකතාව මෙය විය. මා හට නම් මේ පොත කියවීම මහත් ආයාසයකින් යුතු ක්‍රියාවලියක් විය.

ධරණි
කතෘ: කත්‍යානා අමරසිංහ
සූරිය ප්‍රකාශනයක්
මිල රු. 450/=

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?