Monday, November 4, 2013

හත්වෙනි කන්ද | Hathweni Kanda

පාසල් වියේදි හමු වන මිතුරන් හත්දෙනෙක් වටා ගෙතී ඇති කතාවකි.
ඔවුන් හත් දෙනා විවිධ වූ වික්‍රමාන්විත චාරිකා වල යෙදේ. එයින් ඔවුන් අතීත ශ්‍රී විභූතිය සොයා යයි. විටෙක ඔවුන් ප්‍රේතයින් හා ගැටේ.

ඔවුන්ව මෙම විවිධ වූ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන්නේ අපූරු ආකාරයෙනි. 

මෙම පොත නවකතාවක් ලෙස ගත් කල අසාර්ථක නිර්මාණයක් ලෙස මට සිතේ. එය නවකතාවකට වඩා කෙටි කතා සමූහයක එකතුවක් ඇයි මා කීවාට වැරදි නැත. කතුවරියට අරමුණු දෙකක් තිබූ බව මගේ අදහසයි. එකක් අතීත ශ්‍රී විභූතිය ගෙන හැර පෑම විය.අනෙක වික්‍රමාන්විච චාරිකා ඇතුලත් නවකතාවක් ලිවීමය.

මේ දෙකම හරියාකාරව සිදුවී නොමැති බව කියැයුතු ය.

එයට හේතුව කතුවරිය තුල ප්‍රබල කතා තේමාවක් නොතිබූ වම මගේ හැඟීමයි.

එසේ වුවත් සරල බස් වහරකින් ලියැවී ඇති කෘතියකි. කුතුහලයකින් යුතුව කියැවිය හැකි කෘතියක් බව පැවසිය යුතුමය. ඉහතින් දැක්වූ මගේ පුද්ගලික අදහස් වලටම පමණක් සීමා නොවී ඔබද මෙම කෘතිය කියැවා බලන්නැයි මා ඇරයුම් කරමි.


මෙම පොත පවිත්‍රා කුරුවිටආරච්චි නම් කතුවරියගේ නිර්මාණයකි.
සුරස ෆාස්ට් පබ්ලිශින් ප්‍රකාශනයකි !

මේ සමඟම  රන්ජන් අමරරත්නයන්ගේ විචාරයද කියැවා බැලීම වටී. මා ඔහුගේ අනෙකුත් විචාර හා එකඟ නොවූවද මෙම විචාරය හා එකඟ වෙමි.

රන්ජන් අමරරත්නයන්ගේ විචාරය !



No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?