අන්තරාය අඩවිය නම් කතා පොතේදි ෂර්ලොක් හෝම්ස් රයිෂන්බාක් දිය ඇල්ලෙන් පහලට වැටුනු බව ඔබ දන්නෙහිය. ෂර්ලොක් හෝම්ස්ගේ මිය යෑම නිසා උරණ වූ පාටකයෝ නැවතත් ඔහුව ජීවතුන් අතරට ගෙනෙන ලෙස ඉල්ලීම් කලෝය.
මේ ඉල්ලීම් වල වැඩිවීම හේතුකොටගෙන ශ්‍රීමත් ආතර් කොනන් ඩොයිල් තම රහස් පරීක්ෂක චරිතයට පණ පෙවීය.
මේ ෂර්ලොක් හෝම්ස්ගේ පුනරාගමනයේ කතාවයි !
මීට අමතරව පහත සදහන් රහස් පරීක්ෂක කතා ද ඇතුලත් ය.
1. සුව පහසු නවාතැන
2. තේම්ස් නදී තෙර වික්‍රමය
3. හදිසි අභාවය
4. රැම්ස්ගේට් ප්‍රෙහේලිකාව
5. මාරයාගේ දූතයෝ
6. කර්නල් වෝබටන්ගේ උමතුව
සහ
7. නාඳුනන්නා
මෙම කෘතියත් චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයක් වන අතර කතෲ ප්රකාශනයකි.
මේ පොත කියවා නොමැති නම් මෙතන ක්ලික් කර භාගත කරගන්න.
කියවා රසවිඳින්න !
Friday, November 22, 2013
Thursday, November 21, 2013
ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක | Sherlock Holmes Antharaya Adawiyaka
ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාවේ තවත් කතාංග හතක් ඇතුලත් කෘතියකි, ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක කෘතිය. මෙම කෘතියේ එන කතා අතුරින් ෂර්ලොක් හෝම්ස්, මහාචාර්ය මොරියාටි හා සටන් වැද රයිෂන්බාක් දිය ඇල්ලට ඇදවැටෙන කතාව වන "අවසන් ගැටළුව" කතාවද ඇතුලත් ය.
ආතර් කොනන් ඩොයිල් මහත්මා සිය රහස්පරීක්ෂක චරිතය මරණයට පත් කිරීමට ගත් උත්හසය නිසා මෙම කතාව සුවිශේෂි තැනක් ගනී.
ඊට අමතරව මෙම පොතේ පහත කතා ඇතුලත් ය.
1.රතු කවයේ අභිරහස
2. රහස් පරීක්ෂකයාගේ මරණ මංචකය
3. නේවාසික රෝගියා
4. අමනුෂ්‍ය මුහුණ
5. භාෂා පරිවර්තකයා
6. ගල් පාලමේ ඛේදවාචකය
7. අවසන් ගැටළුව
මෙම පොතෙහි එන කතාංගත් කුතුහලය නොඅඩුවම රසවිඳිය හැකි අභිරහස් පරීක්ෂණ වේ. මෙම පොත චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයකි. කතෘ ප්රකාශනයකි.
මෙම පොත බාගත කර ගැනීමට මෙතන ක්ලික් කරන්න.

Sunday, November 10, 2013
ඉන්ද්රනීල මාණික්‍යය | Indraneela Manikya
ලෝ පුරා කා අතරත් ප්‍රසිද්ධ ෂර්ලොක් හෝම්ස් රහස් පරීක්ෂක කතා මාලාවේ තවත් කෙටි කතාංග හයක් ඇතුලත් පොතකි, ඉන්ද්රනීල මාණික්‍යය. මේ පොත ගැන විස්තර කිරීම ගහ දන්නා අයට කොළ කඩා පෑමක් වන බැවින් මා මීට වඩා යමක් කියන්නේ නැත. ඔබම කියවා බලන්න.
අනෙකුත් කතාංග මෙන්ම කුතුහලය නොඅඩුවම රසවිඳිය හැකි කෘතියකි.පහතින් දක්වා ඇත්තේ මෙම පොතේ පසුපිටින් උපුටා ගන්නා ලද කොටසකි.
ඉන්ද්රනීල මාණික්‍යය
"උබයි උබේ පාත්තයොයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා.... මං ප්‍රාර්ථනා කරනවා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියලා.... කරදර කරන්න ආවොත් ලියනවා බල්ලව !"
උමං දුම්රියේ අභිරහස් මරණය
"අග්‍රාමාත්‍යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නවා මං කවදාවත් දැකලා නෑ. නාවික හමුදා මූලස්ථානය අනික් පැත්ත පෙරළුණු මී වදයක් වගේ කැළඹිලා ! ෂර්ලොක් ඔබේ අනෙක් පරීක්ෂණ අහකට විසිකරන්න.... ගොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?"
බිහිසුනු අත්දැකීමක්
".... ඔහුගේ කට බාගෙට ඇරුණා. භීතිය පිළිඹිබු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වුණා."
අයිරින් ඇඩ්ලර්
"එක්වරම හෝම්ස් විලාප නඟමින් බිම ඇද වැටුණේය.ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි. පිරිසක් තුවාල වී ඇද වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය."
සහ
බොස්කෝම්බ් නිම්නයේ ඛේදවාචකය
රතු හිසකෙස් ගැටළුව
මෙම පොත චන්දන මෙන්ඩිස්ගේ පරිවර්තනයකි.කතෲ ප්රකාශනයකි.
පසුව ලියමි. - මේ පොත බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.

Monday, November 4, 2013
හත්වෙනි කන්ද | Hathweni Kanda
පාසල් වියේදි හමු වන මිතුරන් හත්දෙනෙක් වටා ගෙතී ඇති කතාවකි.
ඔවුන් හත් දෙනා විවිධ වූ වික්‍රමාන්විත චාරිකා වල යෙදේ. එයින් ඔවුන් අතීත ශ්‍රී විභූතිය සොයා යයි. විටෙක ඔවුන් ප්‍රේතයින් හා ගැටේ.
ඔවුන්ව මෙම විවිධ වූ ක්‍රියාකාරකම් වලට සම්බන්ධ වන්නේ අපූරු ආකාරයෙනි.
මෙම පොත නවකතාවක් ලෙස ගත් කල අසාර්ථක නිර්මාණයක් ලෙස මට සිතේ. එය නවකතාවකට වඩා කෙටි කතා සමූහයක එකතුවක් ඇයි මා කීවාට වැරදි නැත. කතුවරියට අරමුණු දෙකක් තිබූ බව මගේ අදහසයි. එකක් අතීත ශ්‍රී විභූතිය ගෙන හැර පෑම විය.අනෙක වික්රමාන්විච චාරිකා ඇතුලත් නවකතාවක් ලිවීමය.
මේ දෙකම හරියාකාරව සිදුවී නොමැති බව කියැයුතු ය.
එයට හේතුව කතුවරිය තුල ප්‍රබල කතා තේමාවක් නොතිබූ වම මගේ හැඟීමයි.
එසේ වුවත් සරල බස් වහරකින් ලියැවී ඇති කෘතියකි. කුතුහලයකින් යුතුව කියැවිය හැකි කෘතියක් බව පැවසිය යුතුමය. ඉහතින් දැක්වූ මගේ පුද්ගලික අදහස් වලටම පමණක් සීමා නොවී ඔබද මෙම කෘතිය කියැවා බලන්නැයි මා ඇරයුම් කරමි.
මෙම පොත පවිත්‍රා කුරුවිටආරච්චි නම් කතුවරියගේ නිර්මාණයකි.
සුරස ෆාස්ට් පබ්ලිශින් ප්රකාශනයකි !
මේ සමඟම රන්ජන් අමරරත්නයන්ගේ විචාරයද කියැවා බැලීම වටී. මා ඔහුගේ අනෙකුත් විචාර හා එකඟ නොවූවද මෙම විචාරය හා එකඟ වෙමි.
රන්ජන් අමරරත්නයන්ගේ විචාරය !

Subscribe to:
Posts (Atom)