Friday, February 22, 2019

යකඩ සිල්පර | Yakada Silpara

උතුරු දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් සිදුවන කාළයේදී වන්නියේ ජීවත් වූ පවුලක් වටා ගෙතී ඇති අපූරු කතා පුවතකි. ගොරබා නම් වූ පවුලේ මූලිකයාගේ පවුලේ අයට විදින්නට සිදුවන අනේක විධ දුක් ගැහැට හා ඔවුන්ගේ පවුල් වල බවලත් උදවියට කුලවතුන්ගෙන් විඳින්නට සිදුවන නොයෙකුත් අතවරයන් ගැන අපූර්ව විග්‍රහයක් කරන කෘතියකි.

පොතේ කතාව කෙටියෙන් කියන්නේ නම්, ඩන්ස්ටන් මුලර් නම් වූ ඉංජිනේරුවා උතුරේ දුම් රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යයි. ඔහුගේ වැඩ කටයුතු වලට සෙනග මදිකම නිසා ගමේ ආරච්චිලාට පණිවිඩයක් යවා සෙනග ගෙන්නා ගැනීමට ඔහු සිතයි. දිනක් ගමේ වැවේ නාමින් සිටි රම්බා නම් සුන්දර ගැහැණියව ඔහු දකී. ඔහුට ඈ කෙරෙහි ආදරයක් නැතහොත් ආසාවක් හට ගනී.

මේ වන විටත් රම්බා, පදක්කයාගේ බිරින්දෑ වී හමාර ය. නමුත් ඩන්ස්ටන් මහත්මයාගේ හිතේ රම්බා කෙරෙහි වූ ආසාව අඩු වූයේ නැත.

ඔහු රම්බාගේ ස්වාමිපුරුශයා වූ පදක්කයා ඇතුළු නඩයට දුම්රිය මගෙහි වැඩ කිරීමට අවසර ලබා දේ. ඊට සරිලන වැටුපක්ද ඩන්ස්ටන් තුමා ලබා දේ.

මොවුන්ගේ ජීවත වලට ඉන් පසුව සිදුවන්නේ කුමක් ද ?

ඔබත් කියවා රසවිඳින්න. 2018 වසරේ ස්වර්ණ පුස්තක සම්මානය වෙනුවෙන් අවසන් කෘති 5ට නිර්දේශ වූ කෘතියකි.

යකඩ සිල්පර
කතෘ : විමල් උදය හපුගොඩආරච්චි
සුරස ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයක්

Saturday, February 9, 2019

චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල | Charlie and the Choclate Factory

චාලි බකට් දුප්පත් පවුලක කුඩා ළමයෙකි. ඔහුගේ පවුලේ සියළුදෙනා මේ දුප්පත්කමින් මිරිකී ජීවත් වෙයි. ඔහුගේ පියා දත් බෙහෙත් කර්මාන්ත ශාලවක සුළු පඩියකට සේවය කරන අයෙකි.

චාලි ජීවත් උනේ විලී වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාව ආසන්නයේ ය. මේ වයසේ පසුවන කුඩා ළමුන් අතර වොන්කාගේ චොක්ලට් කර්මාන්ත ශාලාව බැලීමට ලැබීම හීනයක්ව පැවතිනි.

දිනක් විලී වොන්කා විසින් රත්තරන් ටිකට් පහක් චොක්ලට් දවටන අතර සගවා ඒ චොක්ලට් අනිත් චොක්ටල් සමග ලොව පුරා විකිණීමට යැවී ය. මේ ටිකට් පතක් ලද අයෙකුට සහ ඔහුවේ පවුලේ එක් අයෙකුට විලී වොන්කාගේ චොක්ලට් කර්මාන්තශාලාව නැරඹීමට අවසර දේ.

වාසනාවකට මෙන් චාලි බකට් ට ද මෙයින් එක් ටිකට් පතක් ලැබේ. ඉන්පවුව සිදුවන්නේ කුමක් ද ? එතැන් සිට කතාව කියැවීම ඔබට බාරයි.

චාලි සහ අරුම පුදුම චොක්ලට් කම්හල
කතෘ : රෝල් ඩාල්
පරිවර්තක : චන්දන මෙන්ඩිස්
සමයවර්ධන ප්‍රකාශනයක්.

Wednesday, February 6, 2019

කලම්බෝ | colombo

අතීතයේ වැලිකඩ ප්‍රදේශයේ ජීවත් වූ පවුලක කතාවක් කලම්බෝ කෘතියට පදනම වී ඇත. එවකට කොළඹ ජීවත් වු මිනිස්සුන්ගේ ජන ජීවිතය ද ඒ මිනිස්සුන්ගේ ගති පවතුම්ද මනාව විග්‍රහ කරන අනර්ඝ කෘතියකි.

මෙම කෘතියට පාදක වූ මූලික පවුලේ දරුවන් තිදෙනෙක් වෙයි. ඔවුන් තිදෙනාම තෝරා ගන්නේ වෙන වෙනස් වූ මාවත් ය. ඔවුහු ඔවුනට හිමි මාවත තුල ජීවිතය ගොඩ නගා ගෙන යන අයුරු එසේම ඔවුන්ට මුහුණ පෑමට සිදුවන කරදර හා ඔවුන්ගේ පරාජයන් තුලින් සමස්ථ ජන සමාජයම විවරණයකට කල් කළා යැයි කීවොත් මම නිවැරදි යි.

කලම්බෝ
කතෘ : මොහාන් රාජ් මඩවල
බිසෝ ප්‍රකාශනයක්.