Showing posts with label රූපා ශ්‍රියානි ඒකනායක. Show all posts
Showing posts with label රූපා ශ්‍රියානි ඒකනායක. Show all posts

Monday, August 19, 2013

සිටුවර පුවත | Situwara Puwatha

පණ්ඩුල, දිගේලි කන්ද සිටු මැදුරේ ජීවත් වූ අයෙකි. ඔහු තම මාමණ්ඩියගේ දියණිය වූ සරලා සමඟ ආදරයෙන් පසුවේ. මේ දෙදෙනාගේ ආදරය පටන් ගන්නේ ළමා වියේදිම යැයි මා කීවාට වරදක් නැත. ඈ සරසවියට තේරී පත් වූ පසුව සරසවියේ සිට ඇගේ නිවසට ඈව ගෙන එන්නේද ඇගේ නිවසේ සිට සරසවියට ගෙනත් ඇරලන්නේද පණ්ඩුල වේ.

මෙසේ ටික කලක් ගත වන විට පණ්ඩුල නොසිතූ විරූ හදිසි අනතුරකට මුහුණපාන්නට සිදු වේ. එහි ප්‍රථිඵලයක් ලෙස ඔහුගේ එක් පාදයක් අහිමි වේ. පණ්ඩුල ආබාධිත වීමත් සමඟ තම මාමණ්ඩියගේ සිතද පණ්ඩුල කෙරෙන් පහව යයි.මෙහි ප්‍රථිපලයක් ලෙස මාමණ්ඩියගේ දියණිය වෙන කෙනෙකුට සරණ පාවා දීමට මාමණ්ඩිය කටයුතු කරයි.

ඉන් පසුව කතාවේ සිදු වන්නේ කුමක් ද ?

ඔබත් සිටුවර පුවත කියවා බලන්න.  මෙම නව කතාවේ මා දකින සුවිශේෂිම ලක්ෂණය වන්නේ විටෙක සරලාගේ දෘෂ්ඨිකෝණයෙනුත් විටෙක පණ්ඩුලගේ දෘෂ්ඨිකෝණයෙනුත් කතාව ඉදිරිපත් කිරිමයි. මේ නිසා මාරුවෙන් මාරුවට දෙදෙනාගේ සිත් තුල හට ගන්නා හැඟීම් සමුදාය වටහා ගැනීමට පාඨකයාට අවස්ථාවක් ලබා දී ඇත.

මෙම පොත 2012 වසරේ ප්‍රසස්ථ නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය ද හිමි වී තිබේ. නමුත් ඉතාමත් සරල කතා තේමාවකට මෙම සම්මානය ලැබී තිබීම පුදුම එලවන සුලු කරුණකි.  ඒ කිම්දයත් මීට වඩා හොඳ කතා තේමාවන් සහිත පොත් මෙම සම්මාන උළෙලට නිර්දේශ වී තිබුණ බැවිනි.

කෙසේ උවත් කිසිදු අපහසුවකින් තොරව එක ලෙස රසවිඳිය හැකි කතාවකි.

ග්‍රන්ථ නාමය - සිටුවර පුවත
ලේඛකයා - රූපා ශ්‍රියානි ඒකනායක
පිටු -  268ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6561-97-5
ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණයකි.