Wednesday, August 11, 2021

පරදත්ත | Paradaththa

 යටිල්ල ගමේ අබේපාල හා චන්ද්‍රාවති නම් යුවලක් ජීවත් විය. ඔවුනට දාව අරවින්ද හා මධුමාලා නම් පුතෙකු හා දුවනියක සිටියෝ ය. ඔවුන් සතුටින් කාළය ගත කලේ ය.

දිනක් මධුමාලා හා ගමේ චණ්ඩියෙකු වූ විරා අතර බහින්බස් වීමක් ඇති විය. මේ බහින්බස් වීමේ කෙළවර වීරා විසින් මධුමාලාට මරණ තර්ජන එල්ල කළේ ය.

මධුමාලා ද ඒවා ගනන් නොගෙන සුපුරුදු පරිදි ජීවත් විය. දිනක් ගමේ පන්සලේ පැවති සල්පිටක් විය. මධුමාලා ද එයට සහභාගී වී ගෙදර එනවිට රෑ බෝවී තිබුණි.

ඒ එන මගදි මාදං කැලේ දී මධුමාලා ව ඝාතනය කර තිබී ගම්මුන්ට සොයා ගැනීමට හැකි විය.

මධුමාලාව මෙසේ ඝාතනය කලෝ කවරහු ද ? ඉන් පසුව කතාවේ සිදුවන්නේ කුමක් ද ?

කියවන්න පරදත්ත
මෙය මරණය හා බැඳි ගුප්ත නවකතාවකි. එක හුස්මටම කියවාගෙන යා හැකි කුතුහලය පිරි රස වෑහෙන අගනා කෘතියකි.





පරදත්ත
මොනිකා පුෂ්ප කුමාරි

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?