Showing posts with label අයිරා තුෂාණි කරුණාරත්න. Show all posts
Showing posts with label අයිරා තුෂාණි කරුණාරත්න. Show all posts

Wednesday, September 18, 2013

එතෙර නිධානය | Ethera Nidhanaya

නංගි කෙනෙක් සහ මල්ලි කෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා නිමල් ය. නිමල්ගේ අම්මා කරුණාවතිය. ඈ රබර් කිරි කැපීමෙන් ලැබෙන සොච්චමෙන් දරු පවුල නඩත්තු කරනීය. තම පියා වූ හරමානිස් මෙලොව හැර ගොසින් ය.

අම්මා ලෙඩ වීම නිසා පවුලේ  සියල්ලෝම අසරණ වූවේ ය. මේ නිසාම නිමල් තම පාසල් ගමන නවත්වා රැකියාවක් සොයා ගැනීම පිණිස වික්‍රමසිංහ මහතා හමුවීමට ඔහුගේ වලව්වට ගියේය. වික්‍රමසිංහ මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.

වික්‍රමසිංහ මහතා තම මිතුරා වූ වර්නන් මහතාට ද මේ බව පවසා ඔහුට රැකියාවක් ලබා දුන්නේය. ඒ වර්නන් මහතාගේ නිවසේ වැඩපල කිරීමය. නිමල්ද වර්නන් මහතාගේ හිත දිනාගෙන ගෙදර වැඩපලද හොඳින් කරගෙන ජීවත් විය.

දිනක් වර්නන් මහතා හමු වීමට නාදුනන මිනිසුන් තිදෙනෙක් පැමිණියේය.

ඔවුන් කවුරුන්ද ? ඔවුන් වර්නන් මහතා හමුවීමට පැමිණියේ කුමක් සඳහා ද ?

කියවන්න එතෙර නිධානය !
මෙම පොත අයිරා තුෂාණි කරුණාරත්නගේ කෘතියකි. එසේම පැය දෙක තුනක් ඇතුලත එකදිගටම කියවිය හැකි සරල කතා තේමාවකින් යුක්ත පොතකි. එසේම පිටු සියයකින් යුක්ත පොතකි.

මෙම පොත සුභා ප්‍රකාශනයකි.