නිස්සංක උපදිසාපති කෙනෙකි. ඔහුගේ පියා මීට අවුරුදු තුනකට පෙර වියෝ විය. පියාගේ වියෝවෙන් අවුරුදු තුනකට පමණ පසු ඔහුගේ පියා නැවත ගෙදර ආවේ යැයි ඔහු සිතයි.
මෙය හුදෙක්ම නිස්සංකගේ සිතේ මැවෙන පියෙකු මිසක් පියාගේ අවතාරය හෝ වෙනයම් කෙනෙකු හෝ නොවේ. පියා නැවත පැමිණියේ යැයි ඔහු තම බිරිඳටද පවසයි. එහෙත් ඔහුගේ බිරිඳට මුලදී තේරුම් ගැනීමට නොහැකි වුවත් පසු කලෙකදී ඈ තේරුම් ගන්නේ නිස්සංක මනෝ ව්‍යාධියකට මුහුණ පා ඇති බවයි.
මේ නිසා නිස්සංකගේ පවුලේ විවිධ අඩදබර වලටද මෙම මනෝ මූලික පියා හේතු වේ. නිවසේ වැඩ කටයුතු මෙන්ම නිස්සංකගේ කාර්යාලීය කටයුතු වලටද මේ මනෝ මූලික් පියා බලපෑමක් ඇති කරයි. මේ නිසා ඔහු කාර්යාලයේ සේවකයින් අතර පවා උපහාසයට ලක් වේ.
පසු කලේක නිස්සංකගේ අතින් සිය පවුලම ඝාතනය වේ. මෙයට හේතුව කුමක් ද ? මෙයත් මනෝ මූලික පියාගේ බලපෑමෙන් සිදුවූ දෙයක් ද ?
වෙනස්ම ආරක කතාවක් වන අප්පච්චි ඇවිත් කෘතිය ඔබත් කියවා බලන්න. 2018 වසරේ ප්‍රසස්ථ නවකතාවට හිමි රජත සම්මානය වන ස්වර්ණ පුස්තක සම්මානය දිනාගත් නවකතාව මෙය වේ.
කතෘ : සමන් වික්‍රමාරච්චි
සරසවි ප්‍රකාශනයක්.
මිල රු. 300/=
