Friday, April 12, 2019

දේදුණු මාලිගා | Dedunu Maliga

එකම වැරැද්ද දෙවතාවක් සිදු කරන්නේ නම් එය අත්වැරදීමක් නොවේ.

නුවන් සිය ආදරණීය බිරිඳට හොරෙන් නිලානි නම් වූ කාන්තාවක් සමඟ සමීප ඇසුරක් පවත්වාගෙන ගියේ ය. මේ ඇසුර මාලිකාට හසු වීම නිසා නිලානි හා නුවන්ගේ අනියම් ඇසුරට නැවතීමේ තිත තියන්නට සිදු විය. මාලිකා හා නුවන් යන දෙදෙනා අතර නොයෙකුත් බහින් බස් වීම් මැද පළමු හා අවසාන වතාවට නුවන්ට සමාව දී සිය ස්වාමි පුරුෂයා ලෙස පිළි ගනී.

එහෙත් මේ සමාව දීම පැවතුනේ ටික කාළයකි.

නුවන්, තම කාර්යාලයේ සේවිකාවක් වූ දේදුනු සමග ද සමීප ඇසුරක් පැවත් වී ය. මේ ඇසුරකාර්යාලයත් චිත්‍රපටි ශාලාවත් හා හෝටල් කාමර පුරා දිව ගිය ඇසුරක් විය. කලක් ගත වන විට සිදු වූ එක්තරා සිදුවීමක් නිසා මාලිකාට මේ ඇසුර ගැන දැන ගන්නට ලැබිණි.

එතැන් පටන් මාලිකා ඔහුට සමාව දුන්නේ නැත. වෙන බිරින්දෑවරු කරන්නාක් මෙන් සිය බඩු මුට්ටු පොදි බැදගෙන මහගෙදර ගියේ ද නැත. තමන් වරදක් නොකළේ නම් තමා කුමකට නිවසින් පිට වන්නේ දැයි ඈ නිරන්තර සිතුවා ය. මේ නිසා ඈ සිය දරුවන් සමග ඒ නිවසේම ජීවත් උනා ය.

නමුත් සිය ස්වාමි පුරුෂයාව ගනන් ගත්හේ නැත. ඈ ඔහුව පිටස්තරයෙක් ලෙස සැලකුවාය. තම දරුවන්ගේ පියා ඔහු නිසාඅත් දරුවන්ගේ සිත් වලට දුකක් නොදෙනු පිණිසත් ඈ ඔහුව මේ නිසවේම තබා ගත්තේ ය.

ඔහුගේ ජීවිතයට අන්තිමේදී සිදු වන්නේ කුමක් ද ?

කියවන්න දේදුණු මාලිගා....


කතෘ: චන්දි කොඩිකාර
රත්සර ප්‍රකාශනයක්.
මිල රු. 400/=

මන්දාරම් උයන | Mandaram Uyana

මන්දාරම් උයන නම් වූ සුවිසාල මන්දිරයේ ජීවත් වූ ජයතිලක පවුල වටා ගෙතී ඇති කතාවකි. කතාව මුලදී කතුවරියට අපට පෙන්වන්නේ ජයතිලක මහතා හා පුතා අතර ඉතා කිට්ටු ආදර සම්බන්ධතාවයකි. එසේම පුතා හා සිය මව අතර කිසියම් විරසකයක් අපට පෙන්වයි.

මේ නිසාම සිය මව තම පුතාව අතහැර ලොකු පුතා ජීවත් වූ එංගලන්තයට යයි.

ජයතිලක මහත්මිය එංගලන්තයට යන්නේ සිය බාලම පුතා ඉතාම කුඩා අවධියේ ය. මේ නිසා තම බාලම පුතාට කිරි දීමට කිරි මවක්ව ජයතිලක මහතා ගෙදරට ගෙනෙයි. ඈ ට ද පුතෙකු සිටී. මේ පුතා හා ජයතිලක මහතාගේ පුතා අතර සහෝදර පෙමක් දළු ලා වැඩේ.

කෙමෙන් මේ දෙදෙන ලොකු මහත් වෙද්දි ජයතිලක මහත්මයාගේ පුතාගේ හිතෙහි ස්ත්‍රීන් කෙරෙහි බද්ධ වෛරයක් ගොඩ නැගේ.

මේ වෛරයට හේතුව කුමක් ද ?

මේ වෛරය සංසිදෙන්නේ කෙසේද ?  කියවන්න මන්දාරම් උයන.

කතෘ : දර්ශනා ශම්මි විජේතිලක
සුසර ප්‍රකාශනයක්.
මිල රු. 400/=