Showing posts with label චූලානන්ද සමරනායක. Show all posts
Showing posts with label චූලානන්ද සමරනායක. Show all posts

Wednesday, September 18, 2013

සන්තියාගෝ නම් සැරිසරන්නා | The Alchemist

සන්තියාගෝ නම් වු ළමයා කුඩා කල සිට ආසා කරන්නේ සංචාරයේ යෙදීමට ය. හැමතැනකම වාගේ සංචාරය කිරීමට නම් ඔහු මුදල් හදල් යහමින් ඇති අයෙකු විය යුතු ය. එසේත් නැත්නම් ඔහු එඩේරකු විය යුතු ය. මේ දෙකෙන්ම ඔහු තෝරා ගන්නේ එඩේරකු වීමයි. තවද ඔහුට බැටළු රැලක් මිලදී ගැනීමට අවශ්‍ය වන මුදල් සිය පියාගෙන් ලැබුනි.

මේ නිසා ඔහු සිය බැටලු රැල දක්කාගෙන තැනින් තැනට සැරිසරමින් ජීවත් විය.

දිනක් ඔහුට වයසක කාන්තාවක් මුණ ගැසිනි. ඈ සාස්තරකාරියකි.  සැන්තියාගෝ කිහිපවිටක් දැක ඇති හීනයක තේරුම ඇයගෙන් විමසා සිටියි. තමාට ඊජිප්තුවේ පිරමීඩ අසලින් නිධානයක් ලැබිය හැකි බව ඈ පවසා සිටියා ය. තවද එම නිධානයෙන් දහයෙන් පංගුවක් ඈට ලබා දිය යුතු බවත් ඈ පවසා සිටියා ය.

හීනයට අනුව ඔහු තම ඉරණම් ගමන සඳහා පිටත් වෙයි.

ඔහුට නිධානය ලබා ගත හැකි වේද ?

මෙය හුදෙක් සරල කතාවක්ම නොවේ. තම ඉරණම සොයා යන්නෙකුගේ ජීවිත කතාවක් ලෙස හුවා දැක්වුවාට වරදක් නැත. මිනිසාව ජීවත් කරවන්නේ බලාපොරොත්තු ය. එයින් සමහර බලාපොරොත්තු ඉටු කර ගත හකි වන අතර සමහර ඒවා ඉටු කර ගත නොහැකි ඒවා වෙයි. තවත් සමහරක් ඉටු වූවාට පසු ජීවිතේ ඉතුරු හරිය බලාපොරොත්තුවක් නැතුවම ගත වන බව පසක් කරන කතාවකි.

මෙම කෘතිය බ්‍රසීල ලේඛක පවුලෝ කොයියෝ විසින් රචනා කර ඇති අතර චූලානන්ද සමරනායකගේ ප‍රිවර්තනයකි.


මෙය විදර්ශන ප්‍රකාශනයකි. !