Showing posts with label ජයශංඛ කරුණාරත්න. Show all posts
Showing posts with label ජයශංඛ කරුණාරත්න. Show all posts

Sunday, June 6, 2021

දික්කන්ද වලව්ව | Dikkanda Walawwa

 සපුමල් දලදාවත්ත සහ කෞශල්‍යයා  දළදාවත්ත මාතර සිට ගම් ගම්පහ දක්වා ගමන් කරයි.  ඔවුන් දෙපළ ගම්පහ යන්නේ  දික්කන්ද වලව්වට ය.  මේ වන විට දික්කන්ද වලව්වේ සැමුවෙල් දළදාවත්ත මහතා ඝාතනයට ලක්වී ඇත.

බොහෝ දෙනා සිතන්නේ මෙය සිය දිවි නසා ගැනීමක් කියා ය.

උඩ තට්ටුවේ සිට පහලට පැණ ඔහු සිය දිවි නසාගෙන ඇති බව සියළු දෙනා සිතයි.

නමුත් මේ පිළිබඳව පර්යේශණය කරන මනෝ එදිරිසූරියට සැබෑ කරුණු සොයා ගැනීමට හැකි වේ.

එසේ නම් සැමුවෙල්ගේ ඝාතකයා කවුරුන් විය හැකි ද ?



දික්කන්ද වලව්ව
ජයශංඛ කරුණාරත්න
දයාවංශ සහ ජයකොඩි ප්‍රකාශනයක්.

Friday, January 25, 2019

ගිනියම් ඇස් | Giniyam Es

1974 වර්ෂයේදී සප්ත කන්‍යා කදුවැටියේ හැපුණු  ඩී සී 8 ගුවන් යානයේ සිටි සියළුම මගීන් ජීවිතක්ෂයට පත් විය. ගුවන් යානයේ ගමන් ගත් මගීන්ගෙන් එක් අයෙකු පමණක් අත්භූත ලෙස නොමැරී බේරුණි.

මේ බේරුණු පුද්ගලයා ජීවත් වූයේ මල නොමල පුද්ගලයෙකු ලෙසයි. ඔහුත් ගුවන් අනතුරින් මලේ නම් සැපතක් ලෙස ඔහුට විටින් විට සිතුණේ ය. ඊට හේතුව වන්නේ ඔහුට නොයෙක් දෙනා එල්ල කළ දෝශාරෝපණ හා ඔහුට උත්තර දීමට සිදුවූ ප්‍රශ්ණාවලීන් නිසා ය.

මේ ගුවන් අනතුර සිදුවූ ස්ථානයට ඉතාම ආසන්නතම ගම ජයගත් පුර වේ. ගුවන් අනතුරත් සමග ජයගත්පුර ගමේ අමනුශ්‍ය බියක් හා අත්භූත සිදුවීම් සමුදායකට මුහුණ දීමට ඒ ගමේ වැසියන්ට සිදු විය.

ඉතාමත් අත්භූත ලෙස ගමේ ගැමියන් කිහිප දෙනෙක් මිය යෑමත් සමග මේ තත්වය ඉතාමත් උග්‍ර විය.

ගමේ සිටින ගැමියන් මේ සිදුවීම් සමුදායට මුහුණ දෙන්නේ කෙසේ ද ? මේ අත්භූත සිදුවීම් සියල්ලට හේතුව කුමක් ද ? ඔවුන් මේ අමනුශ්‍ය බියෙන් ගැලවෙන්නේ කෙසේ ද ?

මේ සියළුම ප්‍රශ්න වලට විසදුම ලබා ගැනීමට ගිනියම් ඇස් පොත කියවන්න. අත්භූත කතා යන ශානරයට අයත් කුතුහලයෙන් නො අඩුවම එක හුස්මටම කියවාගෙන යා හැකි අගනා කෘතියකි.


කතෘ : ජයශංඛ කරුණාරත්න
දයාවංශ ජයකොඩි සහ සමාගමේ ප්‍රකාශනයක්
මිල රු. 550/=

ප. ලි. - ගුවන් අනතුර හැරෙන්නට ඒ වටා ගෙතුණු අනෙකුත් සිදුවීම් සමුදාය කතු තුමාගේ හිතළුවක් බව සැලකීම ඉතාම වැදගත් ය.

Thursday, October 3, 2013

ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටියි | Dracula Sohonen Nagitiy

පල්ලියේ සේවය සඳහා සිටි කොලුවා උදෑසනම පල්ලියේ සීනුව නාද කිරීම සඳහ පැමිණියේ ය. සීනුවේ ලනුව ඇද සීනුව නාද කරන විට තම අතට උනුසුම් රුධිර ධාරාවක් ගලා ආවේය. ඒ ක්ෂණයෙම ඔහු සීකු කූඩුවේ ඉහල බැලුවේය. එහෙත් ඔහුට කිසිවක් නොපෙනුන නිසා ඔහු සීනු කූඩුව මතට නැගීය.

එවිට දැක ගත හැකි වූයේ කාන්තා මල සිරුරකින් වෑහෙන රුධිරා ධාරාවක් ය. මේ දර්ශනය දුටු ඔහු බිය වී තමන්ට හැකි උපරිම වෙගයෙන් දිව්වේය.ඔහු මෙසේ දිව ගියේ ගමේ තිබු තැබෑරුම වෙතට ය. තැබෑරුමට රිංගා ගත් පසු ඔහු සිහි විකල් විය. එහි සිටි අය ඔහුට බ්‍රැන්ඩි ස්වල්පයක් බීමට දී සිහිය ගත්තද ඔහුට හරි හැටි කතා කරගන්නට නොහැකි විය.

මේ තැබෑරුම තුල පල්ලියේ පූජක තැන වූ ජුවන් ද සිටියේය.පසුව ඔහුද පල්ලියට පැමිණ සීනු කූඩුව පරික්ෂා කලේය. ඔහුටද කාන්තා මල සිරුර දැකගත හැකි විය. ඔහුද බිය වී පල්ලියෙන් පිටවී ගියේය.

පසු දිනක පල්ලියේ කටයුතු සොයා බැලීම සඳහා අර්නස්ට් පියතුමා මෙම පල්ලිය වෙතට පැමිනෙයි. දිනෙන් දින වල් වැවී ඇති පල්ලිය දුටු අර්නස්ට් පියතුමාගේ කෝපය ඉහවහා යයි. ඔහු වහාම ජුවන් පියතුමා සොයා යයි.

ඉන්පසුව සිදු වන්නේ කුමක් ද ?

ඩ්‍රැකියුලා සොහොනෙන් නැගිටියි. කියවන්න. මෙය Dracula has risen from the grave නම් ත්‍රාසජනක චිත්‍රපටිය ඇසුරු කරගෙන ජයශංඛ කරුණාරත්නයන් විසින් රචිත කෘතියකි.


ත්‍රාසය භීතිය හා කුතුහලය නො අඩුවම ගැබ් වී ඇති එක හුස්මටම කියවාගෙන යා හැකි අගනා කෘතියකි.

මෙම පොත දයාවංශ ජයකොඩි ප්‍රකාශනයකි !