Wednesday, August 11, 2021

පරදත්ත | Paradaththa

 යටිල්ල ගමේ අබේපාල හා චන්ද්‍රාවති නම් යුවලක් ජීවත් විය. ඔවුනට දාව අරවින්ද හා මධුමාලා නම් පුතෙකු හා දුවනියක සිටියෝ ය. ඔවුන් සතුටින් කාළය ගත කලේ ය.

දිනක් මධුමාලා හා ගමේ චණ්ඩියෙකු වූ විරා අතර බහින්බස් වීමක් ඇති විය. මේ බහින්බස් වීමේ කෙළවර වීරා විසින් මධුමාලාට මරණ තර්ජන එල්ල කළේ ය.

මධුමාලා ද ඒවා ගනන් නොගෙන සුපුරුදු පරිදි ජීවත් විය. දිනක් ගමේ පන්සලේ පැවති සල්පිටක් විය. මධුමාලා ද එයට සහභාගී වී ගෙදර එනවිට රෑ බෝවී තිබුණි.

ඒ එන මගදි මාදං කැලේ දී මධුමාලා ව ඝාතනය කර තිබී ගම්මුන්ට සොයා ගැනීමට හැකි විය.

මධුමාලාව මෙසේ ඝාතනය කලෝ කවරහු ද ? ඉන් පසුව කතාවේ සිදුවන්නේ කුමක් ද ?

කියවන්න පරදත්ත
මෙය මරණය හා බැඳි ගුප්ත නවකතාවකි. එක හුස්මටම කියවාගෙන යා හැකි කුතුහලය පිරි රස වෑහෙන අගනා කෘතියකි.





පරදත්ත
මොනිකා පුෂ්ප කුමාරි

Tuesday, July 27, 2021

තොටුපල නිහඬයි | Thotupala Nihandai

 බකිනිලන්ද තොටුපොලේ දී ගඟට වැටී කාන්තාවක් මිය යයි. පොලිසිය මේ අභිරහස විසදීමට උත්සහ කරයි. එහෙත් ඊට හේතුව හොයා ගැනීමට පොලිසියට ලේසි පහසු කාර්යයක් වූයේ නැත.

මේ අතරතුර දෙවෙනි මරණයත් ගඟට වැටීමෙන් සිදුවේ. එලෙසම තවත් මරණයක් සිදුවේ. පොලිසිය පූර්ණ විමර්ශනයකින් පසුව මිනිමරුවා සොයා ගනී.

මේ  ත්‍රිත්ව මිනිමැරුම පිටුපස සිටින්නේ කවුරුන් ද ?

කියවා බලන්න. තොටුපල නිහඬයි.

තොටුපල නිහඬයි.
මොනිකා පුෂ්ප කුමාරි


 

Monday, July 26, 2021

සන්ත්‍රාස | Santhrasa

නෙළුම් පිටිය ගමම භීතියෙන් ඇළලෙන්නට විය. ඒ එක පිට එක සිදුවන මරණ තුනක් නිසාය. මිනිමරුවා සොයා ගනීමට පොලිසිය නොයෙක් උත්සහ දරමින් සිටියි.

ගමක් භීතියට පත් කල මේ දාම මිනිමරුවා කවරෙක් විය හැකි ද ? පොලිසියට මේ මිනිමරුවා සොයාගත හැකි වේ ද ? මේ මිනිමැරුම් වලට හේතුව කුමක් වේ ද ?

එක හුස්මටම කියවාගෙන යා හැකි අන්දමේ ත්‍රාසජනක කෘතියකි.

පහතින් දක්වා ඇත්තේ මෙම පොතේ පසුපස කවරයෙන් උපුටා ගන්නා ලද කොටසකි.

නිරුවත්   ගැහැනියගෙඋ සුන්දර දේහය කහ බල්බ් එළිය යට දිලෙමින් තිබිණ. ඒ හරියටම ළංව බැලුවොත් මිසක ඇතිබවක් නොපෙනෙන අර බිත්ති සිදුරට ඉදිරියෙනි.

"හිටපිය උඹට..."

දත්මිටි කමින් ජැක්සන් කාමරේ බෝල කූඩුවේ එල්ලෙමින් තිබූ බඳ පටිය අතට ගත්තේය. මේ බඳපටිය භාවිතා වුණේ කාගෙවත් ඉනක රැඳෙන්න නොවේ. මේ කුඩා ගෙය ඇතුලේ රාත්‍රි කාලයේදි මේ බඳ පටිය භාවිතාවන වෙනස්ම කටයුත්තකට ය. ජැක්සන් ඉහලට එසවූ බදපටිය වැරෙන් නිරුවත් ගැහැනිය ගේ පිටට පතිත කළේය.

"චටාස්...!"

"උහ්ග්...!"

ඇගේ සිරුර වේදනාවෙන් වෙවුලුම් කෑවේය. වෙවුලා ගියේ ඇය පමණක් නොවේ. කාමර දෙක යා කළ සිදුරෙන් බලා උන් කුඩා ඇස් දෙක ද තිගැස්සිණි.

 

සන්ත්‍රාස ! ඔබව සන්ත්‍රාසයෙන් සන්ත්‍රාසයට ගෙන යයි !


සන්ත්‍රාස
මොනිකා පුෂ්ප කුමාරි



Tuesday, July 20, 2021

අවසන් මරණය | Awasan Maranaya

කුතුහලයකින් යුතුව එක දිගටම කියවා යා හැකි නවකතාවකි. මා එම පොතේ පසුපස කවරයෙන් උපුටා ගන්නා ලද කොටසක් සඳහන් කරමි. එය මා කතාව හඳුන්වා දෙනවාට වඩා උචිත වේ යැයි සිතමි.

වැසි පොදයක් ඇද හැලෙන ඒ රාත්‍රියේ හිස පටන් වැහි කබායක් පොරවාගත් ඡායාවක් පහන් කණුව යට දුරකථන කුටියට ඇතුළුවිය. කාසි කීපයක් පෙට්ටි කටට ඔබා හේ පුවරුවේ අංක එහාමෙහා කළේය. ඒ සමගම නගරයේ අනිත් කෙලවරේ සුවිශාල මන්දිරයක ස්ථාවර දුරකථනය හැඬවිණ.

"හෙලෝ.."

විකාශ් තරුපති දුරකථනයට උත්තර දුන්නේය.

"ජයනාත් තරුපතිගේ අවසන් කටයුතු ඉවර ද?"

ආගන්තුක කටහඬ ඇසුවේය.

"ඔව් හවස භූමදාන කළේ.."

තාත්තාගේ අවසන් කටයුතුවලට සහභාගි වෙන්නට බැරි වුණු කෙනෙකැයි විකාශ් සිතුවේය.

"ඒ කියන්නේ වැළළුවා ?"

"ඔව් කවුද මේ.."

"වලලනකොට තාත්තා මැරිලා හිටියා කියලා හොඳටම විශ්වාසද?"

"කවුද අයිසේ මේ..?"

විකාශ්ට කෝපයක් දැණින. තාත්තා මියගියේ හෘදයාබාධයකිනි. රෝහලට ගෙනයන විටත් තාත්තා මිය ගොස් තිබිණි. ලංකාවේ දක්ෂ වෛද්‍යවරු තුන් දෙනෙකු ම ඒ බව සනාථ කළහ.

"කලබල වෙන්න එපා විකාශ් මහත්තයෝ මං ආවේ ආරංචියක් කියන්ඩ.. දන්නවද ජයනාත් තරුපති
මැරිලා හිටියේ නෑ. උඹලා ඒ මිනිහව වැලලුවේ පණපිටින්.."

මෙය විය හැකිද? විකාශ්ගේ දෙපය පණ නැති විය.

කියවා බලන්න මෙම කෘතිය.



අවසන් මරණය
මොනිකා පුෂ්ප කුමාරි

Monday, July 19, 2021

අන්ධකාර රාත්‍රිය | Andakara Rathriya

එකිනෙකට වෙනස් සිදුවීම් සමූහයක් එකට එක් කොට ලියැවී ඇති අපූරු කතාවකි.

මෙහි සිදුවීම් අතර පහත සිදුවීම් වෙයි.

1. හික්කඩුවේ වෙරළේ නාදුනන පිලිස්සුනු මල සිරුරක් හමුවේ.

2. විරාජ් නම් වූ අයෙක් බෝඩිමේ නවාතැන් ගැනීමට පැමිණේ.

3. රශ්මිතා සිය නිවසින් පැන යයි.

4. අවුරුදු 4ක් වයසැති කුඩා දරුවෙක් අතුරුදහන් වේ.

මේ සිදුවීම් එකට එකතු වූ අපූරු කතවකි.


අන්ධකාර රාත්‍රිය

මොනිකා පුෂ්ප කුමාරි