මෙම පොත කෙටි කතා එකතුවක් ලෙස හැඳින්විය හැකි ය. කෙටි කතා කීවාට මෙහි එන සියළුම කතා වලින් අපට ඉගැනුමට පාඩමක් වෙයි. අප එදිනෙදා ජීවිතයේ දි සිදුකරන අත්වැරදීම් සියුම් හාස්‍යයට ලක් කර එයින් යමක් උකහා ගත හැකි ලෙස රචිත කෘතියකි.
තවද මෙහි එන කතා සියල්ලම වෛද්‍ය චන්න සුදත් ජයසුමන විසින් විදුසරට රචනා කරන ලද ලිපි පෙල වේ.
අප එදිනෙදා දකින්නට අහන්නට ලැබෙන විවිධ වූ සිදුවීම් දොස්තර කෙනෙකුගේ ඇසින් හා ඔහුගේ අත්දැකිම් වලින් විස්තර කෙරෙන කතා සමූහයකි.
මෙම පොත ඉතාම සරල බසකින් ලියා ඇති නිසා එක හුස්මටම කියවා ගෙන යා හැකි ය. මේ පොත ගැන වැඩි දුරටත් මා කියනවාට වඩා ඔබම කියවා බැලීම සුදුසු බව මගේ අදහසයි.
මෙම පොත සූරිය ප්‍රකාශනයකි.
