Showing posts with label වික්ටර් අයිවන්. Show all posts
Showing posts with label වික්ටර් අයිවන්. Show all posts

Friday, July 19, 2013

චෞර රැජින | Chaura Rajina

හිටපු ජනපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණියගේ දේශපාලන ජීවිතයේ තිරයෙන් පිටුපස සිදුවීම් වල ඇත්ත නැත්ත සාකච්ඡා කරන කෘතියකි.

 අනු හතරේ බලයට පත් වූ දා පටන් එතුමියගේ දේශපාලන ජීවිතයේ අප දුටු සිදුවීම් කිහිපයක් මෙම පොතෙන් විස්තර කරයි. එසේම ඔබ මෙතෙක් වීරවරියක් ලෙස සිතා සිටි එතුමියගේ චරිතය තුළ අළු පාටින් ඉරි ඇඳීමක් සිදුවන කෘතියක් බව කිය යුතුම ය.

මෙම පොතේ කතෘ වන වික්ටර් අයිවන් ගැන යමක් පවසනවා ඔහු කලක් රාවය පුවත්පතේ කතෘ ලෙස සේවය කල අයෙකි.

 ග්‍රන්ථ නාමය - චෞර රැජින
ලේඛකයා - වික්ටර් අයිවන්
 පිටු -  184ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-1468-03-1
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



මාධ්‍යවේදි වික්ටර් අයිවන්ගේ ලේඛණ රටාව ඔස්සේ සත්‍යය සිදුවීමක අප නොදන්නා පැතිකඩ ගැන දැන ගන්න චෞර රැජිණ පොත කියවන්න.
 මෙය දිවයිනේ ඇති සියළුම සරසවි පොත් හල් වලින් මිලදී ගත හැකි ය.

පසුව ලියමි. - මෙම පොත බාගත කරගන්න මෙතන ක්ලික් කරන්න.