Showing posts with label ගුණසේකර ගුණසෝම. Show all posts
Showing posts with label ගුණසේකර ගුණසෝම. Show all posts

Friday, January 25, 2019

තනි කකුලේ වීරයා | Thani Kakule Weeraya

සින්නකුට්ටි නම් වූ උපතින්ම රදා කුළයට අයිති දමිල කොල්ලෙකු වටා ගෙතී ඇති යොවුන් කතාවකි.

මේ ගමේ මිනිසුන් රදා කුළයේ මිනිසුන්ට සැලකුවේ ඉතාම පහත් ලෙස ට ය. මේ නිසාම රදා කොල්ලෙකු ව තමන්ගේ එදිනෙදා ක්‍රීඩා කිරීම් වලට ද එකතු කරගත්තේ නැත.

තත්වය එසේ උවත් මේ කතාවේ එන ගැමුණු නම් වූ ළමයා, අනෙකුත් අයවළුන් මෙන් සින්නකුට්ටිව කොන් කළේ නැත. ඔහු සින්නකුට්ටිව තමන්ගේ යහළුවෙකු ලෙස සැලකීය. මේ නිසාම පසු කළෙක අනෙකුත් යහළුවන් ද සින්නකුට්ටි හා සමග හාද විය.

එක්තරා දිනක සිදුවූ සිදුවීමක් නිසා සින්න කුට්ටිගේ එක් පාදයක දනහිසෙන් පහල කොටස ඔහුට අහිමි විය. ඔහුගේ පාදය අහිමි වීමට තරම් ඔහු මුහුණ පෑ අනතුර කුමක් ද ?

ඔහු තනි කකුළේ වීරයෙක් වීම සිදු වූයේ කෙසේ ද ?

එක දිගටම කියවාගෙන යා හැකි සරල බස් වහරකින් යුතු කෘතියකි. එසේම පොතුවිල් පානම ජන ජීවිතයේ එක්තරා පැතිකඩකුත් මේ පොතෙන් විස්තර වේ.

පානමට ඉතාමත් ආදර කරන ගුණසේකර ගුණසෝම විසින් රචිත කෘතියකි.
පින්තූරය : grantha.lk වෙතින්.

කතෘ : ගුණසේකර ගුණසෝම
සූරිය ප්‍රකාශනයක්
මිල රු. 300/=

Wednesday, October 23, 2013

රතුගලයායේ පොඩ්ඩා | Rathugalayaye Podda

රතුගල නම් වූ ගමක ජීවත් වන හේන් ගොවි පවුලක් වටා ගෙතී ඇති කතාවකි.

මේ ගමේ ජීවත් වූ හේන් ගොවියන්ගේ අස්වැන්න අඩු මුදලට මිලදී ගන්නා මුදලාලි කෙනෙකුට විරුද්ධව නැගී සිටින පොඩ්ඩා නම් කුඩා කොළු ගැටයෙක් පිළිබඳ ලියැවී ඇති සරල කතාවකි.

මෙම මුදලාලි මොවුන්ගෙන් අස්වැන්න කුණු කොල්ලෙට මිලදී ගන්නවා වගේම ඔවුන්ට සිල්ලර බඩු විකුණූ විට වැඩියෙන් ගනන් දමා ගසා කෑමක් සිදු කරයි. මේ ගසාකෑමට විරුද්ධව නැගි සිටියේ පොඩ්ඩා නම් වූ දහතුන් හැවිරිදි දරුවෙකි.

මේ ඔහුගේ කතාවයි.

මෙම පොත පෑ දෙක තුනක් තුල කියවා රසවිඳිය හැකි අනගි කෘතියකි. කුඩා ප්‍රමාණයේ කෘතියකි.ලොකු පොඩි කා හට උවත් එකසේ රසවිඳිය හැකි පොතකි.

මෙය ගුණසේකර ගුණසෝමගේ කෘතියක් වන අතර ගොඩගේ ප්‍රකාශනයකි.

ඔබ මෙම කෘතිය කියවා නොමැති නම් කියවා බලන්න.
ඔබේ දුවට පුතාට තිළිණ කිරීමට සුදුසු පොතකි.