Friday, January 25, 2019

තනි කකුලේ වීරයා | Thani Kakule Weeraya

සින්නකුට්ටි නම් වූ උපතින්ම රදා කුළයට අයිති දමිල කොල්ලෙකු වටා ගෙතී ඇති යොවුන් කතාවකි.

මේ ගමේ මිනිසුන් රදා කුළයේ මිනිසුන්ට සැලකුවේ ඉතාම පහත් ලෙස ට ය. මේ නිසාම රදා කොල්ලෙකු ව තමන්ගේ එදිනෙදා ක්‍රීඩා කිරීම් වලට ද එකතු කරගත්තේ නැත.

තත්වය එසේ උවත් මේ කතාවේ එන ගැමුණු නම් වූ ළමයා, අනෙකුත් අයවළුන් මෙන් සින්නකුට්ටිව කොන් කළේ නැත. ඔහු සින්නකුට්ටිව තමන්ගේ යහළුවෙකු ලෙස සැලකීය. මේ නිසාම පසු කළෙක අනෙකුත් යහළුවන් ද සින්නකුට්ටි හා සමග හාද විය.

එක්තරා දිනක සිදුවූ සිදුවීමක් නිසා සින්න කුට්ටිගේ එක් පාදයක දනහිසෙන් පහල කොටස ඔහුට අහිමි විය. ඔහුගේ පාදය අහිමි වීමට තරම් ඔහු මුහුණ පෑ අනතුර කුමක් ද ?

ඔහු තනි කකුළේ වීරයෙක් වීම සිදු වූයේ කෙසේ ද ?

එක දිගටම කියවාගෙන යා හැකි සරල බස් වහරකින් යුතු කෘතියකි. එසේම පොතුවිල් පානම ජන ජීවිතයේ එක්තරා පැතිකඩකුත් මේ පොතෙන් විස්තර වේ.

පානමට ඉතාමත් ආදර කරන ගුණසේකර ගුණසෝම විසින් රචිත කෘතියකි.
පින්තූරය : grantha.lk වෙතින්.

කතෘ : ගුණසේකර ගුණසෝම
සූරිය ප්‍රකාශනයක්
මිල රු. 300/=

1 comment:

  1. ම්හ්... මේ පොත නම් කියවපු මතකයක් නෑ. ඔය පින්තූරය අරගත්තු සයිට් එකේ කට්ටිය නම් පොත් ගෙදරටම එවනව නේද? බලමු එයාලගෙන්වත් ගන්න. මම එහෙම පොත් ගන්න එච්චර උනන්දුවක් නැත්තෙ අවුරුද්දකට සැරයක් සැප්තැම්බර්වල කොළඹ පොත් ප්‍රදර්ශනේට ඇවිත් වැඩිපුර පොත් ටිකක් ගන්න එකේ ජොලිය නැතිවෙනව මෙහෙම අවුරුද්ද පුරා එක දෙක ගන්න පුරුදු උනාම. :)

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?