Thursday, January 31, 2019

ඇමිටිවිලා | Amityville

ලෝන්ග් අයිලන්ඩ් නම් වූ ප්‍රදේශයේ ජීවත් වු රතු ඉන්දියානුවන්ට තම නිජබිම අහිමි විය. ඊට හේතුව වූයේ ඉංග්‍රීසින් හා ඕලන්දක්කාරයින් මේ භූමිය වෙනුවෙන් සටන් කළ නිසාවෙනි. තම නිජබිම ආරක්ෂා කර ගැනීම සදහා ටකපුෂා නම් රතු ඉන්දියානු නායකයා දිවි හිමියෙන් කැප විය.

නමුත් ඔහුට තම දේශය බේරා ගැනීමට නොහැකි වූ අතරම ඔහු ඇතුළු තම ගෝත්‍රයේ 120 දෙනෙකුට ජීවිතය ද අහිමි විය. කතාව ආරම්භ වන්නේ එතැනිණි.

රතු ඉන්දියානුවන්ගේ ලෙයින් තෙත් වූ බිමෙහි ඉදිකර ඇති ඇමිටිවිලානම් වූ නිවසට අරක් ගත් භූතාත්ම ගැන හා එම මල නොමල ආත්ම නිසා ඔවුන්ට විඳින්නට සිදුවන නොයෙක් බලපෑම් ගැන ලියා ඇති කෘතියකි.

මෙය හොල්මන් කතා ශානරයට අයත් කෘතියක් නිසා හා මෙහි එන සිදුවීම් වලට කුඩා ළමුන් බිය විය හැකි නිසා ඔවුන්ට රාත්‍රී කාළයේදි කියවීමට නොදිය ය්තු කෘතියක් ලෙස මා මේ කෘතිය හදුන්වමි.

එසේම අත්භූත රසය හා කුතුහලය නො අඩුවම ඇති නිසා එක හුස්මටම මේ කෘතිය කියවාගෙන යා හැකි ය.

කතෘ : දිලීප ජයකොඩි
සුරස ෆාස්ට් පබ්ලිශින් ප්‍රකාශනයක්.
මිල රු. 300/=

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?