Saturday, January 26, 2019

හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා | Harima Pudumai saha Roald Dhalge Thawath Katha

ලෝක ප්‍රසිද්ධ ළමා කතා රචක රෝල් ඩාල් විසින් රචිත කෙටි කතා 9ක් එකතු කොට "හරිම පුදුමයි සහ රෝල් ඩාල්ගේ තවත් කතා" නිර්මාණය වී ඇත.

මේ පොතේ සදහන් කතා 9 මෙසේ ලියා දක්වමි.

1. හරිම පුදුමයි
2. අපූරු මිනිසෙක්
3. චිත්‍රය
4.රෑ කෑම
5. ජල කරණම්
6. වයින්
7. ස්වාමිගේ කැමැත්ත
8. පර්යේශණය
9. මගියා

මෙම කතා නමයම එකිනෙකට වෙනස් වූ කතා නමයකි. මේ එක් එක් කතා ඒ කතාවට ආවෙණික වූ රසයක් විදහා පායි. කුතුහලයකින් යුතුව එක දිගටම කියවාගෙන යා හැකි කෘතියක් බව මා විසින් කිව යුතු ය.

එසේම රෝල් ඩාල් දක්ශ කතා රචකයෙකු බව මේ කෘතියෙන් මනාව විද්‍යාමාන වේ.

කතෘ: රෝල් ඩාල්
පරිවර්තක : චන්ද මෙන්ඩිස්
චන්දන මෙන්ඩිස් ප්‍රකාශනයක්
මිල රු.350/=

1 comment:

  1. මීට අවුරුදු 15 කට විතර කලින් ඔය පොත මම අරගත්තෙ, ගෙදරින් පන්ති යන්න දීපු සල්ලිවලින්. :) ඒ දවස්වලම කියෙව්වෙ. ඒත් තවමත් කතා ලිස්ට් එක දකිද්දි ඒ කතා මතක් වෙනව. හරිම අපූරු කෙටි කතා ටිකක්. සාමාන්‍යයෙන් අපිට නිතර කියවන්න නොලැබෙන වෙනස්ම විදියෙ තේමාවන්.

    ඔය අන්තිමට තියෙන කතාව හෙන්රි අයියා කාලෙකට කලින් පරිවර්තනය කරල බ්ලොග් එකේ දැම්මා මතකයි.

    ඔයා ආයෙ බ්ලොග් එක කරන්න ගත්තු එකට සතුටුයි. මමත් මේ මාස ගානකින් බ්ලොග් එකක කමෙන්ට් එකක් දාන්නෙ. දැන් ඉස්සර තරම් කියවන්න ලැබෙන්නෙ නෑ. පුළු පුළුවන් හැටියට ආයෙ බ්ලොග් කියවන්න බලන්න ඕන කියල හිතුනා.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?