Saturday, January 26, 2019

රැජින | Rajina

එවකට ලංකාවේ රජකම් කරන ලද අනුලා නම් වූ රැජින ගැන සදහන් කෘතියකි. මේ කතාව අනුලා දේවියගේම කතාව යැයි කිව නොහැකි ය. එසේ වන්නේ මේ කතාවේ එන සමහර සිදුවීම් හා සමහර පරිච්ඡේදයන් අතිශයෝක්තියෙන් වර්ණනා කර තිබීම නිසාත්, සමහර සිදුවීම් වල ඇති අධිස්වබාවික ගතිය නිසා ත් ය.

මහළු මහානාග රජතුමාගේ බිසවූ අනුලා දේවිය, පසු කාලීනව තිස්ස රජතුමාගේ ද බිසව වීමට සිදුවි ය. පිරිමීන් කිහිප දෙනෙක් අතින් සල්ලම් වන අනුලා දේවියගේ හිතේ ඇතිවන වේදනාවන් වෙනස්ම කෝණයකින් බලන්නට ඇරයුම් කරන නවකතාවකි.

එසේම මේ නවකතාව තුලින් සමලිංගිකත්වයට යම්කිසි තැනක් ලබා දීමට නවකතාකරු උත්සහ කර තිබෙන බවක් පාඨක මා හට පෙනී ගිය කරුණකි.

මෙම නවකතාව ඉතිහාස කතාවෙන් මදක් අපගමනය වී කිසියම් ෆැන්ටසි ලෝකයකට පාඨකයාව ගෙන යන කතාවක් බව මා පැවසිය යුතු ය. ඔබ අනුලා දේවියගේ ඉතිහාස කතාව දැන ගැනීමේ අභිලාෂයෙන් මේ පොත කියවන්නේ නම් එම පාඨකයින්ට මේ පොත මගින් අසාධාරණයක් සිදුවේ යැයි මගේ හැඟීම වේ.


කතෘ : මොහාන් රාජ් මඩවල
බිසෝ ප්‍රකාශනයක්
මිල රු. 550/=

1 comment:

  1. ඔය කියන “ෆැන්ටසි ලෝක“ ගතිය මොහාන් රාජ්ගෙ පොත් හැමෙකකම වගේ තියෙනව කියන්නත් පුළුවන්. අනික ඒ පොත් ටිකක් ලිංගිකත්වය පැත්තට නැඹුරු ගතියකුත් තියෙනව.

    මේ පොතත් අවුරුද්දකට දෙකකට කලින් අරගෙන කියෙව්වා. ඇඟේ අමාරුවට අරන් කියෙව්වට මොකද මට නම් ඒ හැටිම හිතට ඇල්ලුවෙ නෑ. මට එහෙම උනාට වෙන කෙනෙක්ට හිතට අල්ලල යන්න පුළුවන් ඉතිං කතාව, ඕනම කතාවක් එක එක අයට දැනෙන හැටි ඉතිං එකිනෙකට වෙනස්නේ.

    මේ පොතත් යාළුවෙක් අරගෙන ගියා දැන් අවුරුද්දක් විතර වෙනව. ඌ ගෙනත් දුන්නෙ නෑ. මතක් වෙච්ච එකත් හොඳයි, ගිහිල්ල හරි පොත උස්සගෙන එන්න ඕන. ගෙනියනව වගේ උනන්දුවෙන් මුං පොත් ගෙනත් දෙන්නෙ නෑ අෆ්ෆා.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?