Thursday, January 31, 2019

හොල්මන් කොරිය | Holman Koriya

අතීත ශ්‍රී විභූතිය ජාවාරම්කරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීමට වෙර දරන පාසල් සිසුන් සමූහයක් වටා ගෙතී ඇති සරල කතාවකි. එසේම මේ කතාව පුරාම අතීත දිගාමඩුල්ලේ තිබූ පෞරාණික නටබුන් ගැන හා ඒවායේ ඇති වැදගත්කම ගැන යම්කිසි විවරණයක් ද ලබා දේ.
මේ නිසාම මෙම පොත වඩාත්ම සුදුසු වන්නේ පාසල් යන දුවා දරුවන්ට ය.

එසේම මේ පොත ලිවීමේදි පැරණි දිගාමඩුලු බස් වහර ද උපයෝගී කරගෙන තිබේ.

පෑ දෙකකට අඩු කාළයක් තුළදී එක හුස්මටම කියවාගෙන යා හැකි සරල රසවින්දනයකින් හෙබි යොවුන් නවකතාවකි.

පියසේන කහදගමගේ මහත්මයාගේ කෘතිවලට ආස කරන ඔබ මේ කෘතියද ආදරයෙන් වැළදගනු නො අනුමාන ය.

කතෘ : පියසේන කහඳගමගේ
සරසවි ප්‍රකාශනයක්
මිල රු. 200/=

No comments:

Post a Comment

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?