පණ්ඩුල, දිගේලි කන්ද සිටු මැදුරේ ජීවත් වූ අයෙකි. ඔහු තම මාමණ්ඩියගේ දියණිය වූ සරලා සමඟ ආදරයෙන් පසුවේ. මේ දෙදෙනාගේ ආදරය පටන් ගන්නේ ළමා වියේදිම යැයි මා කීවාට වරදක් නැත. ඈ සරසවියට තේරී පත් වූ පසුව සරසවියේ සිට ඇගේ නිවසට ඈව ගෙන එන්නේද ඇගේ නිවසේ සිට සරසවියට ගෙනත් ඇරලන්නේද පණ්ඩුල වේ.
මෙසේ ටික කලක් ගත වන විට පණ්ඩුල නොසිතූ විරූ හදිසි අනතුරකට මුහුණපාන්නට සිදු වේ. එහි ප්රථිඵලයක් ලෙස ඔහුගේ එක් පාදයක් අහිමි වේ. පණ්ඩුල ආබාධිත වීමත් සමඟ තම මාමණ්ඩියගේ සිතද පණ්ඩුල කෙරෙන් පහව යයි.මෙහි ප්රථිපලයක් ලෙස මාමණ්ඩියගේ දියණිය වෙන කෙනෙකුට සරණ පාවා දීමට මාමණ්ඩිය කටයුතු කරයි.
ඉන් පසුව කතාවේ සිදු වන්නේ කුමක් ද ?
ඔබත් සිටුවර පුවත කියවා බලන්න. මෙම නව කතාවේ මා දකින සුවිශේෂිම ලක්ෂණය වන්නේ විටෙක සරලාගේ දෘෂ්ඨිකෝණයෙනුත් විටෙක පණ්ඩුලගේ දෘෂ්ඨිකෝණයෙනුත් කතාව ඉදිරිපත් කිරිමයි. මේ නිසා මාරුවෙන් මාරුවට දෙදෙනාගේ සිත් තුල හට ගන්නා හැඟීම් සමුදාය වටහා ගැනීමට පාඨකයාට අවස්ථාවක් ලබා දී ඇත.
මෙම පොත 2012 වසරේ ප්රසස්ථ නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය ද හිමි වී තිබේ. නමුත් ඉතාමත් සරල කතා තේමාවකට මෙම සම්මානය ලැබී තිබීම පුදුම එලවන සුලු කරුණකි. ඒ කිම්දයත් මීට වඩා හොඳ කතා තේමාවන් සහිත පොත් මෙම සම්මාන උළෙලට නිර්දේශ වී තිබුණ බැවිනි.
කෙසේ උවත් කිසිදු අපහසුවකින් තොරව එක ලෙස රසවිඳිය හැකි කතාවකි.
ග්රන්ථ නාමය - සිටුවර පුවත
ලේඛකයා - රූපා ශ්රියානි ඒකනායක
පිටු - 268ක් වේ.
ග්රන්ථ අංකය -ISBN 955-6561-97-5
ප්රකාශකයෝ - සූරිය ප්රකාශණයකි.
This comment has been removed by the author.
ReplyDeleteකාලෙකට පස්සෙ කියවපු හොදම පොතක්. සරල තේමාවක් දිගේ ගලා යන කතාන්දරය තුල සංකීර්ණ මිනිස් සිතුවිලි ලස්සනට ගලපලා තියනවා. කතාවේ ඉදිරිපත් කිරීමත් ඉතාමත් සිත්ගන්නාසුලුයි. ප්රබල ප්රධාන චරිත වටා ගෙතෙන සුලු චරිතවලින් පවා කතාව ගොඩ නැගීමට හොඳ සහයක් අරන් තියනවා. කලින් කිව්ව වගේ මිනිස් සිතුවිලි මේ තරම් සියුම් විදිහට කොලේකට ගත්ත එක ගැන මට තාම හිතාගන්න බෑ.
ReplyDeleteබ්ලොග් එකේ කතෘට: ඉතාම වටිනා උත්සහයක්!!! පොතේ විස්තර දාද්දි මිලත් සඳහන් කරනවානම් ඉතාමත් වටිනවා. ජය වේවා!!!
Me potha thyana kenek matath kiywanna denna puluwan da me potha heuwa mata hamba une naa kamathi kenek innawa nam me mage no eka 075 83 84 602 Me mage address eka 134/80 Grandpass viharaplace colombo 14 me address ekata potha ewanawanam oyage address ekath hariyata liyala ewanna naththam 4n no eka liyala ewanna ... Mata me potha denna kenek innawa nam mn me potha sathi 2n aye return karanawa thanks
ReplyDeleteමාව කම්පනයට පත් කරා මේ පොත
ReplyDeleteමාව කම්පනයට පත් කරා මේ පොත
ReplyDelete