Tuesday, August 20, 2013

ස්වර්ණ පුස්තක සම්මානය 2013 - දෙවන වටය | Swarna Pusthaka Award 2013 - Second Round

සාහිත්‍ය මාසය පටන් ගන්න තව ටික කාලයයි තියෙන්නේ.පොත් කියවන අපි නම් මේ දවස්වල බලාගෙන ඉන්නේ මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානයට නිර්දේශ වෙලා තියෙන පොත් මොනවද කියලා දැනගන්න.

ගොඩක් කට්ටිය නම් දැනටම දන්නවත් ඇති. මොකද මේ ලිපිය කලින් ලිව්වට පල කරන්න උනේ අද තමයි. මොනවා උනත් ලියපු ලිපිය පල කරන්නම එපැයි.මේ ලිපියෙන් මම කියන්න උත්සහ කලේ මේ අවුරුද්දේ ස්වර්ණ පුස්තකයේ දෙවන වටයට තේරි පත් වෙලා තියෙන පොත් මොනවද කියලා.

ඒකට කලින් කලින් අවුරුද්දේ ඒ කියන්නේ 2012 අවුරුද්දේ තේරුන පොත් මොනවද කියලා මතක් කරගෙනම ඉමු. පහලින් දක්වලා තියෙන්නේ 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ දෙවන වටයට තේරිලා තියෙන දොලහයි.

1 නයි ගලින් උපන් පුත්‍රයෝ - බටුවන්ගල රාහුල හිමි (සදීපා ප්‍රකාශන)
2 හේලංකඩ - කරුණාරත්න මාකඩුවාව (ෆාස්ට් පබ්ලිෂින්)
3 පරඬැල් - ශාන්ති දිසානායක (සරසවි ප්‍රකාශන)
4 සුදම් සභාව - සරත් විජේසූරිය (විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය)
5 සර්පයාගේ දියණිය - උපේක්ෂා නුවන්ශ්‍රීනි (ගොඩගේ ප්‍රකාශන)
6 සිටුවර පුවත - රූපා ශ්‍රියානි ඒකනායක (සූරිය ප්‍රකාශන)
7 ඇහැළමලී - මනෝහාරී හේවාවසම් (සංහිඳ ප්‍රකාශකයෝ)
8 රතු ඉද්ද - කරුණාදාස සූරිය ආරච්චි (දයාවංශ ජයකොඩි)
9 දඩයක්කාරයාගේ නිම්නය - අනුර වික්‍රමසිංහ (නැණිල පබ්ලිකේෂන්)
10 පියැසි කවුළුව - කපිල කුමාර කාලිංග (කිංකිණි ක්‍රියේෂන්ස්)
11 අභිරහස් ජීවිත තරණය - ටෙනිසන් පෙරේරා (සරසවි ප්‍රකාශකයෝ)
12 ගැහැණු ළමයාගේ මරණය - ශමෙල් ජයකොඩි (සරසවි ප්‍රකාශකයෝ)

ඔන්න ඔය ඉහලින් තියෙන ටික තමයි 2012 වසරේ ස්වර්ණ පුස්තක සම්මානයේ දෙවන වටයට තේරිලා තියෙන පොත් ටික. ඔය අවුරුද්දේ ස්වර්ණ පුස්තක සම්මානය ලැබුනේ රූපා ශ්‍රියාණි ඒකනායකගේ සිටුවර පුවතට කියලා කාට කාටත් මතකයි නේ ?

දැන් බලමු මේ අවුරුද්දේ දෙවන වටයට තේරිලා තියෙන පොත් මොනවද කියලා.මේ වසරෙත් ඒ කියන්නේ 2013 වසරේ දෙවන වටයට පොත් දොලසක් තෝරලා තියෙනවා.
ඒ ටික තමයි පහලින් තියෙන්නේ.

1 වාලුකා - ශාන්ති දිසානායක (සරසවි ප්‍රකාශන)
2 මාගම් සෝලිය - මොහාන් රාජ් මඩවල (බිසෝ ප්‍රකාශන)
3 සෙංකොට්ටං - මහින්ද ප්‍රසාද් මස්ඉඹුල (සංථව ප්‍රකාශන)
4 බොල් පොළව නිල් අහස - රංජිත් ධර්මකීර්ති (සඛිල ප්‍රකාශන)
5 ප්‍රේත වස්තුව - සේපාලි මායාදුන්නේ (ගොඩගේ ප්‍රකාශන)
6 මහා නගරය - කන්දේගම කුලරත්න (ආරිය ප්‍රකාශන)
7 එකොළොස් ගිණි - ටෙනිසන් පෙරේරා (සරසවි ප්‍රකාශන)
8 අත අත නෑර - සුමිත්‍රා රාහුබද්ධ (සුමිත්‍රා රාහුබද්ධ ප්‍රකාශනයක්)
9 පර්ජන්‍යා - සුසන්ත මහඋල්පත (ගොඩගේ ප්‍රකාශන)
10 කන්දේ වීදිය - කපිල කුමාර කාලිංග (කිංකිණි ක්‍රියේෂන්ස් ප්‍රකාශන)
11 කාල සර්ප - කීර්ති වැලිසරගේ (සරසවි ප්‍රකාශන)
12 තැප්පා සේ ම ගිණි - සමරවීර විජයසිංහ (සූරිය ප්‍රකාශන)

ඔයගොල්ලෝ දැනටමත් මේ පොත් දොලහෙන් කීයක් කියවලා තියෙනවද ? මගේ පුද්ගලික අදහස තමා ස්වර්ණ පුස්තක සම්මානයට කලින් අඩුම තරමේ පොත් දෙක තුනක්වත් කියවලා බලන්න කියලා. එතකොට අපිටම තීරණයගක් ගතෑකි මොන පොතට සම්මානය ලැබෙයිද කියලා.

එහෙනම් ගිහින් එන්නම්.

2 comments:

  1. ඔය සම්මාන උත්සව සම්මාන දීම් ගැන නම් මගේ කිසි උනන්දුවක් නෑ බං. ඔව්වයෙ වැඩ කෙරෙන හැටි මීට කලින් අපි කොච්චර අහල තියෙනවද. ඒව ගැන හිත කරදර කරගන්නවට වැඩිය හොඳයි ඒ වෙලාවෙ පොතක් බලාගන්න යොදවන එක.

    පොත් ඔක්කොම නම් නෙවි, ඒත් ඔය ලිස්ට් එකේ පොත් කීපයක්වත් අරගන්න අදහසක් නම් තියෙනවා. පර්ජන්‍යා - සුසන්ත මහඋල්පත පොත ගැන නම් විචරයක් නලීන් අයියත් දාලා තිබුනා. ඒ පොත නම් ගන්න ඕන කියල ඒ වෙලාවෙම හිතාගත්තා.

    ReplyDelete
    Replies
    1. මම නම් පොත අතටත් අරගෙන දාලා ආවා. ගත්තේ නෑ
      මං කොහොමත් රජ කතා කියවන්න ඒ තරම් කැමැත්තක් නෑ.

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?