Saturday, August 3, 2013

සිහිනයක රැඳි රහසක් | Sihinayaka Redi Rahasak

පීටර් ප්‍රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්‍රියකම පාහේ එකම ආකරයේ සිහිනයක් දකී.ඔහු දකින සිහිනය වන්නේ මිනිසෙකු ගඟක පිහිනමින් සිටියදී ගිලී මිය යන දර්ශනයකි. එම දර්ශනය දකිනවාත් සමඟම ඔහු "මර්සියා...එපා ! " යැයි ඔහුගේ නොවන හඬකින් කෑ ගසා අවදි වේ.

මෙමෙ සිහිනය ප්‍රවුඩ් මහචාර්යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද මානසික වදයක් විය. මේ නිසා ඔහු විවිධ සිහින පර්යේෂණාගාරවල සහය ද විවිධ ප්‍රතිකාර ක්‍රම ද අත්හදා බලයි.

දිනක් ඔහු සවස් වරුවක රූපවාහිනිය නරඹන අතරතුර දී වාර්තාමය වැඩසටහනක් විකාශනය වේ. එහි අන්තර්ගතය වන්නේ "එදා සහ අද ඇමරිකාව" යන්නයි. එම වැඩසටහනේ එක් දර්ශනයකදි ඔහු සිහින වලදී හුරු පුරුදු පරිසරයම දකී. මේ හෝඩුවාව ඔස්සේ ගොස් ඔහුගේ මෙම අත්භූත සිහින වල තේරුම සොයා ගනී.

ඉහතින් දක්වා ඇත්තේ චන්දන මෙන්ඩිස් මහතා අතින් පරිවර්තනය වූ සිහිනයක රැඳි රහසක් පොතේ ඇති කතාවෙන් කොටසකි.මෙය කුතුහලයෙන් යුතුව කියවිය හැකි නවකතාවකි.

ග්‍රන්ථ නාමය - සිහිනයක රැඳි රහසක්
පරිවර්තනය - චන්දන මෙන්ඩිස්
පිටු -  303ක් වේ.
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.



 මෙම කෘතිය 1975 වසරේ දී ජේ. ලී තොම්සන් අතින් සිනමාවට නැගුනි. මෙම පොත මැක්ස් සීමන් ගේ The Reincarnation of Peter Proud නම් වූ කෘතියේ පරිවර්තනයකි.

චන්දන මෙන්ඩිස් මහතාගේ පරිවර්තන වලට කැමති ඔබ අනිවාර්යෙන්ම මෙම පොත ද කියවා රසවිඳිනු ඇත.
මෙම පොත දිවයිනේ ඕනෑම සරසවි පොත් හලකින් වුවද ලබා ගත හැක.

8 comments:

  1. මගේ පුංචි පුස්තකාලෙත් මේ පොත තියෙනවා. මේ පොතත් චිත්‍රපටයත් නිසා ඇමරිකාවෙත් යුරෝපයෙත් තරුණ පරපුර අතර යම්තාක් දුරකට පුනරුත්පත්තිය ගැන කථිකාවතක් ඇති උනා කියල පොතේ පෙරවදනෙදි පරිවර්තකයා සඳහන් කරනවා.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන නම් ගොඩක්ම කියන්න දන්නේ නෑ. ඒ උනාට මේ පොත නම් ගොඩක් ලස්සනයි.
      කියවන්න ආස හිතෙනවා :)

      මේ DDT නැත්නම් මට කමෙන්ට් ඇත්තෙම නෑ. ඔබ තුමාට පින් !

      Delete
    2. මේ පොතට මම හරිම ආසයි. මට හිතුනෙම මේක ඇත්ත කතාවක් කියල. එතරම් සාර්ථක ලියවිල්ලක්. මම හිතන්නේ පරිවර්තනයේදී චන්ද මෙන්ඩිස් එය හොඳින් ඉටුකරලා තියෙනවා.

      Delete
  2. im read this book 1 year ago.but i can t finish it.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?