Sunday, July 28, 2013

කරුවල ගෙදර | Karuwala Gedara

තිනන්, රතුහාමි හා විවහා වූයේ බොහෝ කලකට පෙර ය. එහෙත් ඔවුන් දෙදෙනාට දරුවන් සිටියේ නැත. දරුවන් නොමැතිකම නිසා රතුහාමි මෙන්ම තිනන් ද හිතේ කනගාටුවකින් ජීවත් වූහ. ඔවුන් දෙපල ජීවත් වූයේ කොග්ගල ය.

තිනන්ගේ රැකියාව වූයේ පොත් තෙල් හිඳීමය. ඔහු එයින් සෑහෙන ලාබයක් ලබයි. මේ සියල්ල බලා කියා ගැනීමට දරුවකු නොමැති වීමේ ශෝකය තිනන්ගේ සිතින් මැකී නොගියේ ය. මේ නිසාම තිනන් තවත් විවාහයක් කර ගැනීම පිළිබඳ රතු හාමිගෙන් විමසයි.

මුලදි අකමැති වූවද තම ස්වාමි පුරුෂයාගේ සතුට ගැන සිතා ඈ ඊට කැමැත්ත පල කලා ය. ඇගේ කැමැත්ත ලද ඇසිල්ලෙන් ඔහු පොඩිහාමි නම් වූ ගැහැනියක් ගෙදර ගෙනාවේ ය. ඈ ගෙදර දොරේ වැඩපලට මෙන්ම බීරළු ගෙතීමේ දක්ෂ කාන්තාවක් වූ වාය. ඇහැට කනට පෙනෙන රූප ස්බාවය නිසාම පිරිමින් ඈ සමග කතා කිරීමට කැමැත්තක් දැක්වුවේ ය.

මෙය රතු හාමිට නුරුස්සන කාරණාවක් වූවා ය.

පසු කලෙක පොඩි හාමි පුතෙකු බිහි කලා ය. ඔහු සිරිමල් නම් විය. රතු හාමි ද සිරිමල්ට මවක් මෙන් ආදරය කළාය. එහෙත් මේ ආදරය පොඩිහාමිගේ කෝපයට හේතුවක් විය. පසු කලෙක පොඩි හාමි ඈට දැක්වූ වෙනස්කම් වලටද මේ ආදරය හේතු විය.

මේ සියළුම සිදුවීම් ඔස්සේ කතාව දිවෙයි. කොග්ගල ගැමි පරිසරය සමග බද්ධව කතාව ගලා යන නිසාම ඉතාමත් ආශාවෙන් කියැවිය හැකි පොතක් ලෙස හැදුන්නුවාට වරදක් නැත.

ග්‍රන්ථ නාමය - කරුවල ගෙදර
ලේඛකයා - මාර්ටීන් වික්‍රමසිංහ
පිටු -  201ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-8415-54-5
ප්‍රකාශකයෝ - සරස ප්‍රකාශණයකි.



මෙම කෘතිය පසු කලෙක සුදත් රෝහණ අතින් ටෙලි සිත්තමක් බවට පත් විය. කරුවල ගෙදර ටෙලි සිත්තමේ තිනන් ලෙස ජනක් ප්‍රේමලාල් ද පොඩිහාමි ලෙස සේමිණි ඉද්දමල්ගොඩ ද රතුහාමි ලෙස අයිරාංගනී සේරසිංහයන් ද රංගනයෙන් දායක විය.

මාර්ටීන් වික්‍රමසිංහයන්ගේ අනෙක් කෘති මෙන්ම කරුවල ගෙදර කෘතියද ඔබ ආසාවෙන් කියවනු ඇත.
දිවයිනේ ඕනම සරසවි පොත් හලකින් මෙන්ම සරස පොත් හලෙන් මෙම පොත මිලදී ගත හැක.

9 comments:

  1. ස්තූතියි ඔබට..මතක ඇතිදා සිටම පොත් කියවන්නෙක් හැටියට ඔබ මේ කරන කටයුත්ත බොහොම වටිනවා.

    පොඩි යෝජනාවක් කරන්නද? ඔබේ නවතම ලිපි විද්යුත් තැපෑල මඟින් ගෙන්වා ගැනීමේ අවස්ථාව පාඨකයින්ට ලබා දෙන්න පුළුවන්නම් හුඟක් හොඳයි.

    ReplyDelete
    Replies
    1. මම පොඩ්ඩක් හොයලා බලන්නම්.
      මම ඔය තාක්ෂණික දේවල් ගැන එච්චර දන්න කියන එකෙක් නම් නෙමෙයි.
      ඒ උනාට මම අනිවාර්යෙන්ම හොයලා බලන්නම්.

      Delete
  2. ඉස්කෝලෙ යනකාලෙ කියෙව්වා මතකයි. මාර්ටීන් වික්‍රමසිංහයන්ගේ කෘතිවල මට පේන විශේෂම ලක්‍ෂණය එහි තිබෙන සරල ගැමි වහර, පාඨකයා නොවෙහෙසවා සුමටව ගලා යන රචනා ශෛලිය. ඒ වගේම බොහොම ඉවසීමකින් සංයමයකින් දකුණු පළාතෙ මූදුකරේ ගැමියන් ගැන, ගැමි ජීවිතය ගැන කරන සවිස්තරාත්මක විස්තර කිරීම. ඒ අපූරු සුන්දර පරිසරය නිකන්ම සිතේ මැවෙනවා කියවන් යද්දි. තමන් ඉපදුනු හැදුනු වැඩුනු ගම ගැන, එහි අත්දැකීම් ගැන ඔහු තරම් ලංකාවෙ වෙන කිසිම කෙනෙක් ලියල නැතුව ඇති.

    ReplyDelete
    Replies
    1. ඔය කියලා තියෙන දේවල් සහතික ඇත්ත.
      තාමත් ඉස්සර වගේම එක විදිහට ආසාවෙන් කියවගෙන යන්න පුලුවන් විදිහේ පොත් තමා මාර්ටින් වික්‍රමසිංහ මහත්තයා ලියල තියෙන්නේ.

      Delete
  3. මෙක මම දකින විදියට මාර්ටින් වික්‍රමසිංහ ලියපු හොදම පොත් වලින් එකක්. කෙටි නව කතාවක්. විරාගය, ගම් පෙරලිය තරම් විචාරයට ලක් නොවුනත් මෙහි චරිත ගොඩනැගීම විකාශණය ඉතාමත්ම හොදයි. මාර්ටින් වික්‍රමසිංහගෙ පසුකාලීන කතාවල තියන පරිසර වර්ණනා මෙකෙත් අඩු නැතිව තියනවා. කතාව මැද වෙනකොට මුලදී තිබුන විවිධත්වය නැතිවෙලා සිරිමල් කළුවරගෙදර චරිතය වටා කෙන්ද්‍ර වීම නිසා ඒකාකාරී බවක් ඇතිවෙලා තියනවා. මේ කතාව පුරාවටම චරිත වල තියන සුභවාදී ආකල්පය,නොසැලෙන ධෛර්යමත් භාවය මේක හොද කතාවක් වෙන්න හෙතු උනා කියල මම හිතන්නෙ.

    ReplyDelete
  4. hithata dukak danunama e duka amathaka karawana puduma akarshaniya kathawak.kiyopu wara ganana danne nehe.e tharam asai kiyawanna

    ReplyDelete
  5. hithata dukak danunama e duka amathaka karawana puduma akarshaniya kathawak.kiyopu wara ganana danne nehe.e tharam asai kiyawanna

    ReplyDelete
  6. කොහොමද මේ පොත් download කරන්නේ

    ReplyDelete
  7. කොහොමද මේ පොත් download කරන්නේ

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?