Sunday, July 14, 2013

නිශ්චල චංචල දේපල | Nischala Chanchala Depala

පේරාදෙණිය සරසවියේ වෛද්‍යය පීඨයට තේරී පත්වන ලලිත්ට සකුන්තලා නම් වූ ගැහැනු ළමයෙක් හමු වෙයි. කලක් ගත වන විට ඔවුන් පෙම්වතුන් බවට පත් වේ. මේ අතර ලලිත්ට හා සකුන්තලාට සිය නිවෙස් වල සිදුවන්නා වූ විවිධ හල හැප්පිම් වලට මුහුණ දෙන්නට සිදු වේ. ඉගෙනීමේ කටයුතු ත් ගෙදර ප්‍රශ්නත් ඔවුන්ගේ කර මත පැටවේ.

 මේ සියල්ල මැදිකොටගෙන තම ආදර කතාව ගලාගෙන යයි.

මොවුන්ගේ ආදර සම්බන්ධයට කණ කොකා හඬන්නේ ලලිත් ට කොළඹ රස්සාව ලැබීමත් සමඟ ය.

මෙතැන් පසු මෙම ආදර සම්බන්ධයට කුමක් සිඳු වේ ද ? ලලිත්ට හා සකුන්තලාට කවදා හෝ එක්වීමට ලැබේ ද ?  යන ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍ය නම් මෙම කෘතිය කියවා රසවිඳින්න.

බොළඳ ආදර කතා මාවතින් අපගමනය වූ වෙනස්ම ආරක ගිය ආදර කතාවක් බව මා කිය යුතු ය. එසේම චන්දන මෙන්ඩිස් නම් වූ ලේඛකයාගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය මෙය බව මා පවසිය යුතුම ය.

ග්‍රන්ථ නාමය - නිශ්චල චංචල දේපල
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  360ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  978-955-1262-12-9
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.


පහතින් දැක්වෙන්නේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

".... ජීවිතේ ඉතිරි කාලේ ගත කරන්න ඔයා ලඟට එනවා කියලා, මං කවදාහරි කිව්වා ද ? ..... මට නම් මතක නෑ. "

"මතක නෑ ? ඒක හරි පුදුම කතාවක් නේ. මේ දළඳා වහන්සේ වැඩ ඉන්න දළඳා මාලිගාවෙදිමයි පොරොන්දු උනේ, මේ ආත්මේ විතරක් නෙමෙයි මතු ආත්ම වලදිත්.... !"

බොළඳ චාටු ආදර කතාවලින් මිදී වෙනස්ම ආරක ආදර කතාවක් රස විඳින්න මෙම පොත කියවන්න.

7 comments:

  1. මේක කොහෙදන්ද ගන්න තියෙන්නේ?
    කතෘ ප්‍රකාශනයක් නම් හොයා ගන්න අමාරුයි සාමාන්‍යයෙන්!

    ReplyDelete
    Replies
    1. කකා,
      සරසවි බුක්ෂොප් එකේ බලන්න

      Delete
    2. කකා,

      චන්දන මෙන්ඩිස්ගෙ පරිවර්තන ඇතුළු මම දැකපු සියළුම පොත් කතෘ ප්‍රකාශන. ඒත් හැම සරසවි බුක්ෂොප් එකකම ඒවා තියෙනවා, ඔය ඇනෝ කියනවා වගේ.

      Delete
  2. a superb book....it made me cry....excellent wrk by Chandana Mendis...

    ReplyDelete
  3. a superb book....it made me cry....excellent wrk by Chandana Mendis...

    ReplyDelete
  4. මේ පොත ගන්න මම ගොඩක් තැන්වල බැලුවා.කොහෙවත් ගන්න නෑ.නුවරවත්,කොලඹවත් නෑ.මේ පොත ගන්න පුලුවන් විදිහක් තියනවා නම් කවුරු හරි මට කියනවද...

    ReplyDelete
  5. math me potha hoyanawa.ane ganna thanak thiyenawanam kiyanna.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?