Saturday, July 27, 2013

පරඬැල් | Paradal

ශාන්ති දිසානායක මහත්මියගේ පොත් ආසාවෙන් කියවන ඔබ මෙම පොතද ඉතාමත් ආසාවෙන් කියවනු ඇත. ගැමි සුන්දරත්වය සමඟ එක හුස්මටම කියවාගෙන යා හැකි කෘතියකි.

ලිලාරත්නගේ පියා ලෙඩ ඇඳේ ය. මව දවස තිස්සේම මහන්සි වී ගෙදර දොරේ වැඩපල කරන්නී ය.ලොකු අක්කා විවහා වී ගෙදරින් පිටවී ගොසින් ය. චුට්ටි අක්කා ද තම ආදරවන්තයා සමඟ ගෙදරින් පැන ගියා ය. මේ නිසාම ගෙදර සියළුම බර පැටවී ඇත්තේ ලීලාරත්නගේ උරහිස මත ය. ඔහුද මේ සියළුම බර කරට ගෙන කටයුතු කරන්නෙකි.

ඔහුගේ මල්ලි වූ කිරිදෙයියා කිසිදු වැඩක් නොකරන ඔහේ ගෙවන්නන් වාලේ ජීවිතය ගෙවා දමන්නෙකි.  චුට්ටි හට දරුවෝ නොමැති කමෙන් ඔහුගේ සැමියාගේ විවිධ වද බන්ධනයන්ට යටත් වීමට ඈට සිදුවේ. ඈ පසුව තම උපන් ගෙදරට පැමිණියේ මේ සියල්ල තව දුරටත් ඉවසිය නොහැකි වූ නිසාවෙනි.

මේ අතර ලොකු අක්කා තම දෙවෙනි දරුවා බිහිකිරීම සඳහා මහ ගෙදරට පැමිණියා ය. ලොකු අක්කාගේ සැමියා චුට්ටි සමඟ හොර රහසේ සම්බන්ධයක් පවත්වා ගෙන යයි. ලොකු අක්කා මේ කිසිවක් නොදනී.

මොවුන්ගේ ජීවිත වලට එබී බැලීම සඳහා පරඬැල් පොත කියවන්න.

 ග්‍රන්ථ නාමය - පරඬැල්
ලේඛකයා - ශාන්ති දිසානායක
පිටු -  212ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-6715-08-8
ප්‍රකාශකයෝ - සරසවි ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ මෙම පොතෙන් උපුටා ගත් කොටසකි.

පරඬැලා පත් මෙන් වියළි වූද හරසුන් වූද ගැහැනු මිනිස්සු මෙන් මෙන්ම ශක්තිමත් අරටුවක් සහිත ගැහැනු මිනිස්සු ද මේ පරඬැල් තුළින් ඔබට හමුවනු ඇත.

අන්ධකාරයේ යක්ෂයාද,
ආලෝකයේ දෙවියන් ද දකින
දහසක් මිනිසුන අතර අඳුරේත්,
ආලෝකයෙත් වෙනසක් නොදුටු
ඔහු අන්තිමේදී දෙවොලක් තුළ සිරගත වූ දෙවියකු ලෙස පරාජිත ප්‍රේමයද, පරඬැලක් වූ
ජීවිතයද ජයගනු ඇත්ද? 

සරල භාෂා හැසිරවීම හා ගැමි සුන්දරත්වය අතිවිදීමට ඔබත් මෙම පොත කියවන්න.

2 comments:

  1. ඔය ශාන්ති දිසානායක කියන්නෙ අර ‘හැන්දෑව‘ නවකතාව ලියපු ලේඛිකාව නේද. මතක හැටියට අනුරාධපුරේ පැත්තෙ කෙනෙක් වෙන්න ඕන. ඔය ගොවිජනපදවල පදිංචි කරවපු මිනිස්සුන්ගෙ, ගැමියන්ගෙ කතා එහෙම හරි අපූරුවට ඉදිරිපත් කරනවා ඇය.

    මේ පොත නම් මට කියවන්න ලැබිල නෑ. භාෂාව හැසිරවීමේ ලා ලේඛිකාවගෙ හැකියාව අනුව පොත ආසාවෙන් කියවන්න පුළුවන් ඇති කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න හරි. එයා තමයි
      එයාගේ වාලුකා පොත 2013 ස්වර්ණ පුස්තකේටත් තේරිලා තියෙනවා. මේ ලේඛිකාව ඉන්නේ යාය හතරේ !

      කියවලා බලන්න !

      Delete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?