Sunday, July 14, 2013

බත්තලංගුණ්ඩුව | Baththalangunduwa

ඇන්ටනී නම් වූ අයෙක් තම පියා සොයා බත්තලංගුණ්ඩුව නම් වූ කල්පිටිය ආසන්නයේ වූ දූපතකට ගමන් කරයි. එහිදී ඔහුට විවිධ මිනිසුන් හා ගැහැනුන් ඇසුරු කිරීමට ලැබේ. ඔවුන් සමඟ ඇන්ටනී නම් වූ පුද්ගලයා ගෙවන ජීවිතයත් තම පියා සොයා ගැනීමත් යන කාරණා මත මේ පොත ලියැවී ඇත.

අවසානයේදි ඔහු සොයන පියා ඔහු තුලම සිටින බව ඔහුටම පසක් වන්නේ ය.

පාඨකයාව බත්තලංගුණ්ඩුව දූපතේම තවත් එක් අයෙක් බවට පත් කිරීමට සමත් කෘතියක් ලෙස හුවා දැක්වීමට මා කැමති ය. එසේම බත්තලංගුණ්ඩුව දූපතේ වෙසෙන අයගේ ජන ජීවිතය ද ඔවුන්ගේ භාෂා විලාසය ද මෙම පොතේදි අපූරූ ලෙස චිත්‍රණය කරයි.

ග්‍රන්ථ නාමය - බත්තලංගුණ්ඩුව
ලේඛකයා - මංජුල වෙඩිවර්ධන
පිටු -  273ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN 978-955-656-052-7
ප්‍රකාශකයෝ - සූරිය ප්‍රකාශණයකි.



පහතින් දැක්වෙන්නේ පොතෙන් උපුටා ගත් පාඨ කිහිපයකි...

කාරල්ලන්ගෙයි මගෙයිවෙනස ඌ ඇස් පිය ගහන එක විතරයි.ඌත් පැතලියි.මාත් පැතලියි.ඌත් වේලෙනවා.මාත් වේලෙනවා.ඌට සන්තෝෂ වෙන්න පුලුවන්.තවත් එක වෙනසක් තියෙන්වා.කියන්න පුලුවන්ද මොකක්ද කියලා.ඌ වේලෙන්නෙ මැරිලා.මන් ජීවත් වෙවී මැරෙනවා...

 ----------------

ප්‍රධාන ජැටි ද්වාරය අසල රැකවල්ලා සිටින නාඹර සොල්දාදුවන් දෙදෙනාගෙන් අයෙකු සුරතින් අවියකට වාරුවී සිටින අතර අනෙකා තේජාන්විත දෑසින් හැඳුනුම් පත් පිරික්සයි. මගේ වාරය එළඹෙයි. 
"කොහාටද?" ඔහු අසයි. 
"බත්තලංගුණ්ඩුවට" 
"මොකටද?"
"චේන්ජ් එකකට"
 

තව හෝරා කිහිපයකින් මා ඕපපාතිකයෙකු නොවන වග තහවුරු කළ හැකි ශුක්‍රාණුවේ අයිතිකරුවා මට මුණ ගැසේ. ඔහු අල්ලා ගෙන නගරයට රැගෙන යා යුතුය.

----------

බත්තලංගුණ්ඩුවේ ජන ජීවිතයත් සමග ඒකාත්මික වීමට ඔබත් කැමති නම් මෙම කෘතිය කියවන්න.  

මෙම කෘතිය සූරිය ප්‍රකාශණයකි. 

පසුව ලියමි - පොත බාගත කරගෙන කියවන්න මෙතන ක්ලික් කරන්න. 

2 comments:

  1. ජීවිතය කියන්නෙ මොකක්ද කියන එක ඇඟට දැනෙන පොතක්.

    ReplyDelete
  2. ඔබතුමාට පින් සිද්ද වෙන්න මම මේ බොත බිමට අරගෙන කියෙව්වා. අද තමයි ඉවර කලේ. වචනයක් වචනයක් පාසා විඳිමින් කියවන්න පුළුවන් විශිෂ්ඨ කතාවක්. ඒකෙ භාෂා ශෛලියට තමයි මගේ හිත ගොඩක්ම ඇදිලා ගියේ.

    අවසානය ඒ වගේම ලස්සනයි

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?