Monday, July 15, 2013

බඹරවිලේ හොල්මන | Bambarawile Holmana

බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කල ගුරුවරයෙකි. ඔහුගේ බිරිඳ ඇග්නස් හීන්දෙණිය වන අතර  දුව මයුරා හින්දෙණිය නම් වේ.  රැකියාවෙන් විශාම ගෙන ටික කලකදී රූපට් හීන්දෙණිය මිය ගියේ ය.

ඔහුගේ මරණයේ කටයුතු ගෙදර උදවිය තම හැකි පමණින් සිදු කළේ ය. තුන් මස දානයට වතුරු ඇල්ලේ ආරණ්‍යය වාසි හිමිවරුන් ද වැඩියේ ය. තුන් මස දානයෙන් පසු හීන්දෙණිය පවුලේ අය විසු ගෙදර විවිධ අත්භූත සිදුවීම් සිදු වන්නට විය.

මයුරා හා ඇග්නස් වතුරු ඇල්ලේ ගුරුන්නාන්සේ කෙනෙක් ලවා ගුරුකම් කටයුතු සිදු කල ද එයින් කිසිඳු පලක් නොවී ය.මෙම ගෙදර සිදුවීම් වලට පිලිතුරක් සෙවීමට රූපට් හීන්දෙණියගේ සිසුවකු වන අශෝක හා ඔහුගේ පුතා වන කපිල මෙම නිවසට පැමිණේ. ඔවුන් දෙදෙනාට ද විවිධ වූ අත්භූත සිදුවීම් සමුදායකට මුහුණ පෑමට සිදු වේ.

මෙම නිවසේ සිදුවන අත්භූත සිදුවීම් වලට හේතුව රූපට් හීන්දෙණියගේ නොනැසුන ආත්මය ද ?  එසේත් නැත්නම් වෙනත් භූත බලපෑමක් ද ? අශෝකට හා ඔහුගේ පුතාට මෙම සිදුවීම් වලට පිලිතුරක් සෙවිය හැකි වේ ද ?

මෙම ප්‍රශ්න වලට පිලිතුරු අවශ්‍යය නම් බඹරවිලේ හොල්මන පොත කියවා රසවිඳින්න.

ග්‍රන්ථ නාමය - බඹරවිලේ හොල්මන
ලේඛකයා - භද්‍රජි මහින්ද ජයතිලක
පිටු -  232ක් වේ.
 ග්‍රන්ථ අංකය -ISBN  955-9367-40-4
ප්‍රකාශකයෝ - දිවුලපිටියේ සරස්වති ප්‍රකාශණයකි.


පහතින් දක්වා ඇත්තේ එම පොතෙන් උපුටා ගත් කොටසකි.

"ඒක මහා අරුම හීනයක්. අපි අර වතුරු ඇල්ල ලඟ හිටියා. අපි එදා ගිය විදිහටම.කට්ටියම. වතුරෙන් ගලක් මතු වෙලා ගල පලාගෙන යකෙක් මතු උනා. මට කිව්වා අර ගල ආපහු ගෙනැත් දියන් කියලා"

"අපි දන්නවා තාත්තා" මම කීවෙමි. "තාත්තා එතැනින් ගල් කැටයක් අරන් ආවනේ"

"ඔවු !" 

"අපි අද උදේ ඒක අරන් ගිහින් වතුරු ඇල්ලටම වීසි කළා."

එක හුස්මටම කියවගෙන යා හැකි හොල්මන් අවතාර හා සිත, විශ්ව ශක්තිය ගැන යම් පමණට සඳහන් වන කෘතියකි.ප්‍රථම මුද්‍රණයේ පැවති පොතක් නිසා මේ වන විට පිටපත් අවසන් වී තිබීමට පුළුවන. පුස්තකාලයකින් හෝ ලැබුනහොත් නොවරදවාම කියවා රසවිඳින්න. ඔබ එක් වතාවක් කියැව්වොත් තව වතාවක් නොවැරදීම කියවනු ඇත.

2 comments:

  1. නියම කතා පොතක්.
    මම මේ පොත කිහිප සැරයක්ම කියවලා තියෙනවා :)

    ReplyDelete
  2. සැප්තැම්බර් වල අර ගන්න ඔනේ.

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?