Monday, July 22, 2013

නිල් දියමන්ති අභිරහස | Nil Diyamanthi Abirahasa

මෙම පොතේ සඳහන් කතා පුවත කතුවරයාගේම නිර්වචනයෙන් පහත දැක්වේ.

ඕමානයේ ජාත්‍යන්තර පාසලකට ඇතුළුවන සුරංගට, විවිධ රටවලින් පැමිණෙන, විවිධ සංස්කෘතීන්ට අයත් මිතුරු මිතුරියන් රැසක් ආශ්‍රය කිරීමට අවස්ථාව සැලසෙයි. සමාජ අධ්‍යනය විෂයය සඳහා නයිල් ගංගා නිම්න ශිෂ්ටාචාරය ගැන ද ඊජිප්තුවේ පුරාවිද්‍යාත්මක තොරතුරු රැසක් ද ඔවුනට අසන්නට ලැබේ.

"ෆාරාවෝ රජවරුන්ගේ පිරමිඩ්, සොහොන් කොත් ඇතුළේ රූපාක්ෂාරවලින් ලියවුණු ඒ කාලයේ රසවත් තොරතුරු රැසක් අපට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ කථාන්තර අවුරුදු පනහක් තිස්සේ කිව්වත් මට කියලා ඉවර කරන්න බැරිවේවි. " ගුරුතුමිය පැවසුවා ය.

වාසනාව සුරංග ඇතුළු මිතුරන් සොයා එන්නේ, ඔවුනට ඊජිප්තුවේ පුරාවස්තු හැබැහින්ම නැරඹීමට අවස්ථාවක් සලසා දෙමිනි.

ෆාරාවෝරජවරුන්ගේ තොරතුරු සොයමින් පුරාවිද්‍යාත්මක ගවේෂණයක යෙදෙන, මහාචාර්ය ලැංඩන්ගේ කැණීම් කටයුතුවලට ද තරුණ තරුණියෝ සහභාගිවෙති. එයින් ලැබෙන ප්‍රතිඵලය කුමක් ද ?කාන්තාරයට යන මිතුරනට මුහුණදිමට සිදුවන්නේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ත්‍රාසජනක අත්දැකීම් රැසකටයි. ඔවුන් පසුපස හඹා එන්නේ කවුරුන් ද ?

මෙම පොත චන්දන මෙන්ඩිස්ගේ තවත් එක් ස්වතන්ත්‍ර නිර්මාණයක් වන අතර යොවුන් නවකතා ගණයට වැටෙන නිර්මාණයකි.

 ග්‍රන්ථ නාමය - නිල් දියමන්ති අභිරහස
ලේඛකයා - චන්දන මෙන්ඩිස්
පිටු -  266ක් වේ.
ග්‍රන්ථ අංකය -ISBN  955-9682-83-0
ප්‍රකාශකයෝ - කතෘ ප්‍රකාශණයකි.




සරල බස් වහරකින් යුක්ත කුතුහලය නොඅඩුවම රසවිඳිය හැකි කෘතියකි.මෙම පොත කියවා නැත්නම් ඔබත් කියවා රසවිඳින්න.

9 comments:

  1. මේ පොත නම් මගේ ළඟත් තියෙනවා. මම හිතනවා මේ කතාවෙ සමහර සිද්ධි, දෙබස් මීට වඩා තාත්විකව යෙදීමේ හැකියාවක් කතුවරයට තිබුනා කියල. ඒත් කියවල රසවිඳින්න නම් ඒක මහ ලොකු ප්‍රශ්නයක් නෙවි.

    ReplyDelete
    Replies
    1. ඒකට ලොකුම හේතුව විදිහමට මම දකින්නේ චන්දන මෙන්ඩිස් ලියන තරමක් ලිව්වේ පරිවර්තන නේ. ඒනිසා ඒ ආභාෂය මේ පොතටත් ලැබුනා කියලා.

      Delete
  2. Bro me google doc eka open wenne nah ne..ai e

    ReplyDelete
  3. Replies
    1. සල්ලි දීල ගනිං ඕයි කඩෙන්. නැත්නම් පුස්තකාලෙකට ජොයින් වෙයං. පොත් ලියන මිනිස්සුන්ටත් කන්න බොන්න සල්ලි ඕන.

      Delete
  4. pls meka download krgnna hri, online kiawanna hri widihak kianna. godak dawasaka idan me potha hoyanne

    ReplyDelete

පොත් ගැන ලියන මට ශක්තියක් වෙන්න කියලා මේ ලිපිය ගැන අදහසක් දාලම යමු ද ?